විදුහල්පතිවරු හිඟ කතාව පාසල් ප්‍රජාව නොමග යැවීමක්
- 2018-06-03 14:04:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාතික පාසල්වල විදුහල්පතිවරුන්ගේ හිඟයක් ඇති බවට ඇතැම් වෘත්තීය සංගම් විසින් කරනු ලබන ප්‍රකාශයන් පාසල් ප්‍රජාව සහ ජනතාව නොමග යවන ප්‍රකාශයන් බවත් මේ වන විට ජාතික පාසල්වල විදුහල්පතිවරුන් නොමැති බව ප්‍රකාශ කළ ද ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් විසින් රාජකාරි ආවරණය කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
ඉදිරියේ දී පුරප්පාඩු සහිත ජාතික පාසල් සඳහා විදුහල්පති තනතුරු ගැසට් කරමින් පාසල්වල විනය සහ ප්‍රතිඵල ඉහළ නැංවීමට කටයුතු කරන බවද ඔහු පැවැසීය.
එමෙන් ම සෑම ජාතික පාසලකට ම සුදුසුකම් සහිත විදුහල්පතිවරුන්, ජ්‍යෙෂ්ඨත්වයට ද මුල් තැන ලබාදෙමින් පත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා මේ වනවිටත් පිළිගත් ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගෙන ඇති බවත් ඔහු පැවැසීය.
ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ බලපිටිය රේවත ජාතික පාසලේ ඉදි කෙරුණු නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද (01දා) එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments