Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සරසවි ප්‍රවේශ අයදුම්පත් සහතික කිරිම, තැපැල් ඡන්ද සහ මැතිවරණ රාජකාරි සදහා අයදුම් කිරීම වෙනුවෙන් පාසල් තුළ අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනිමට විදුහල්පතිවරුන් වහා වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින්  සඳහන් කරයි.

2019/2020 අධ්‍යයන වර්ෂයට විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2020-03-26 දිනට යෙදී තිබේ. මේ නිසා ඊට පෙර පාසල් අයදුම්කරුවන් තම අයදුම්පත් පාසලේ විදුහල්පතිවරයා ලවා සහතික කරවාගත යුතුව පවතියි.

එහෙත් පළමු පාසල් වාර නිවාඩුව මේ වනවිට ආරම්භ වී තිබීම හේතුවෙන් මෙම කාර්යය සිදුකරගැනීමේ දී සිසුන්ට වන අපහසුතා වැළැක්වීම පිණිස අදාළ අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනයට පෙර එම අයදුම්පත් සහතික කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු විදුහල්පතිවරුන් වෙත දන්වා සිටියි.

එමෙන්ම, ඉදිරියේ දී එළඹෙන මැතිවරණ රාජකාරී කටයුතු සදහා සහභාගී වන සියලු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල නිලධාරීන් වෙත ඊට අදාළ අයදුම්පත් සම්පූර්ණ කිරීමටත්, තැපැල් ඡන්ද අයදුම් කිරීම සදහා පාසල තුළ අවශ්‍ය පසුබිම සලසා දීමටත් අවශ්‍ය විධිවිධාන යොදන ලෙස  අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානීන් වෙත දන්වා සිටියි. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.