විදෙස් භාෂා පරිවර්තනය කර දෙන නව උපාංගයක් ජපානයෙන්
- 2019-11-13 10:00:57
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විදේශීය සංචාරකයන් හා සන්නිවේදනය කිරීමේදී, භාෂාව නොදැනීමෙන් පත්වන අපහසුතාව මගහරවා ගනිමින්, පොදු භාෂාවකින් අදහස් ප්‍රකාශ කිරීම සඳහා වන නව උපාංගයක් ජපානය හඳුන්වා දී තිබේ. MUAMA Enence ලෙස නම් කර ඇති මෙය දැනට ජපානයේ පාසල්වල භාවිත කෙරේ. ජපානයේ දෙමව්පියන් සිය දරුවන්ට මෙම උපාංගය රැගෙනදීමට උනන්දු බවද පැවසේ. පාසලේදී මෙන් නිවසේදී වුවද විදේශීය භාෂාවක් උගැනීමට ඔවුන්ට හැකියාව ලැබේ.
එම උපාංගය ක්‍රියාත්මක කර පළමුව තම මව් භාෂාවෙන් යමක් පැවසිය හැකි අතර මෙම උපාංගය ඔබට අවශ්‍ය භාෂාවට පරිවර්තනය කර පවසයි. පසුව ඔබ හා සන්නිවේදනය කරන විදේශිකයා පවසන දෙය එය පටිගත කරන අතර එහි පරිවර්තනය ඔබේ මව්භාෂාවෙන් ලබාදෙයි. තම පොකැට්ටුවේ ගෙන යා හැකි, අත්ලට ගත හැකි ප්‍රමාණයේ වන මෙම උපාංගය, පහසුවෙන් භාවිත කළ හැකි මෙම උපාංගයෙන් තත්පර ගණනක් ඇතුළත භාෂාවක් පරිවර්තනය කරගත හැකි වේ.
චීන, ප්‍රංශ, අරාබි, ස්පාඤ්ඤ, රුසියානු, ඉතාලි, කොරියානු, ග්‍රීක, හින්දි, ජපන් ආදී භාෂා 40ක ප්‍රමාණයක් මෙයින් සන්නිවේදනය කළ හැකිය. ඉංග්‍රීසි භාෂාව ලෝකයේ ප්‍රධාන භාෂාව ලෙස භාවිත වුවද, එය භාවිත නොකරන ජනයා සමඟ සන්නිවේදනය කිරීමේදී විවිධ ජාතීන්ට මතුවන අපහසුතා මඟහැර ගැනීම සඳහා මෙම උපාංගය ක්‍රියාකරයි. එබැවින් මේ වනවිට ලොව පුරා අවධානය මෙම උපාංගය කෙරෙහි යොමු වී තිබේ.
(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
Reply To:
Name - Reply Comment
0 Comments