විදේශ භාෂා ඉගැන්වීම සඳහා උපාධිධාරී ගුරුවරුන් බඳවාගැනීමට අනුමැතිය
- 2019-10-25 13:42:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රජයේ පාසල්වල විදේශ භාෂා ඉගැන්වීම වෙනුවෙන් උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.
මෙරට පාසල් අධ්‍යාපන පද්ධතිය තුළ විදේශ භාෂා ඉගැන්වීමේ අවස්ථා පුළුල් කිරීම සඳහා පාසල් විෂය මාලාව තුළ විදේශ භාෂා ඉගෙනීම ප්‍රචලිත කිරීම, විදේශ භාෂා උගන්වන පාසල් සංඛ්‍යාව ඉහළ නැංවීම, දැනටමත් පාසල් තුළ ස්ථාපිත කර ඇති භාෂා විද්‍යාගාර ඵලදායී ලෙස භාවිත කිරීමට ඉඩප්‍රස්ථා සලසාදීම, භාෂා සම්බන්ධයෙන් තෘතීයික අධ්‍යාපන අවස්ථා වෙත සිසුන් යොමුකරවීම මෙම ගුරුවරුන් බඳවාගැනීමේ අරමුණු අතර වේ.
විදේශ භාෂා පාසල් තුළ ඉගැන්වීම වෙනුවෙන් ගුරුවරුන් 729 දෙනෙකු බඳවා ගැනීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ද මේ වනවිට ලැබී තිබේ.
දැනට විදේශ භාෂා ඉගැන්වීම සිදුකෙරෙන ජාතික පාසල්වල සහ ඉදිරියේ දී විදේශ භාෂා ඉගැන්වීම සඳහා යෝජිත ජාතික පාසල්වල 10-11 ශ්‍රේණිවල සහ උසස් පෙළ ශ්‍රේණි සඳහා මෙම උපාධිධාරී නවක ගුරුවරුන් යොදවනු ලැබේ.
පාසල් විෂය මාලාව තුළ ප්‍රංශ, ජර්මන්, හින්දි, ජපන්, අරාබි සහ කොරියානු භාෂාව ඉගැන්වීම සඳහා මෙසේ විෂය පදනමින් උපාධිධාරී ගුරුවරුන් බඳවා ගනු ලබන්නේ ප්‍රථම වතාවටය.
Reply To:
Name - Reply Comment
0 Comments