විපතට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්න ජනපති - අගමැති උපදෙස්
- 2018-05-21 17:08:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විපතට පත් සියලූ ජනතාවට කඩිනම් සහන සලසන්නැයි ජනපතිගෙන් අදාළ අංශවලට උපදෙස්
අයහපත් කාලගුණයෙන් විපතට පත් සියලු ජනතාවට කඩිනම් සහන සැලසීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහහතා අදාළ අංශවලට උපදෙස් දෙයි.
එහිදී මූල්‍ය ප්‍රතිපාදන ගැටලුවක් කර නොගන්නා ලෙසත් රජයෙන් ලබාදිය යුතු සියලු සහන පිළිබඳ සොයා බලමින් එම සියලු පහසුකම් ලබාදීමට කඩිනමින් කටයුතු කරන ලෙසත් ජනාධිපතිතුමා වැඩිදුරටත් අදාළ අංශවලට උපදෙස් දී තිබේ.
එමෙන්ම ජල ගැල්මෙන් විපතට පත් ජනතාව මුදා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගැනීමට ද උපදෙස් දී තිබෙන ජනාධිපතිවරයා ජනතාවට අවශ්‍ය සුබසාධන සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසට ද සියලු පාර්ශ්වයන් දැනුවත් කර ඇත.
----------------------------------------------------------------------------
ආපදාවට පත් ජනතාවට සහන සැලසීමට උපරිමයෙන් කටයුතු කරන්න- අග්‍රාමාත්‍ය
ජල ගැලීම් හා ආපදා තත්ත්වයන් හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ගත යුතු කඩිනම් පියවර සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් අද (21) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණ. මෙහිදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය එස්. අමලනාදන් මහතා වත්මන් තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කළ අතර, ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඒ. ඒ. එන්. සිල්වා මහතා විසින් ජනතාවට සහන සැලසීමට අදාළ නිලධාරීන් ගෙන ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කරන ලදී. ගංවතුර තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇති බැවින් ඒ සඳහා ත්‍රිවිධ හමුදාව සීරුවෙන් තබන ලෙස උපදෙස් දුන් අගමැතිවරයා දිසාපති හා ප්‍රාදේශීය ලේකම්වරුන් සමග සම්බන්ධව ආපදා සහන සැලසීමට පෙරමුණ ගන්නා ලෙස පළාත් සභා හා ප්‍රාදේශීය සභා ජනතා නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.
සහන සැලසීමට අවශ්‍ය තරම් ප්‍රතිපාදන දිසාපතිවරුන් සතුව ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වාර්තා කළේය. තත්වය තවදුරටත් සමාලෝචනය කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් අගමැතිවරයා ආපදාවට පත් ජනතාවට සහන සැලසීමට උපරිම කාර්යක්‍ෂමතාවයෙන් කටයුතු කරන ලෙස අංශ භාර නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ආපදා තත්වය සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සහ ආරක්‍ෂක ලේකම්වරයා සමඟ ද වික්‍රමසිංහ මහතා දුරකථනයෙන් අදහස් හුවමාරු කර ගත්තේය.
අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක සහ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments