විභාග දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකුගේ වැඩ තහනම්
- 2017-11-12 13:46:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය සහ ආයතනික විභාග අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇත.සිය රාජකාරී වගකීම් පැහැර හැරීම සහ විෂමාචාර චෝදනා කිහිපයක් හේතුවෙන් ඔහුගේ වැඩ තහනම් කර තිබේ.
ඒ අනුව, අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා විසින් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ ආවරණ අනුමැතියට ද යටත් ව වහාම ක්‍රියාත්මක වන පරිදි එම නිලධාරියාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට අදාළ ලිපිය නිකුත් කර ඇත.
විභාග දෙපාර්තමේන්තුවේ පසුගිය කාලයේ සිදු වූ විභාග පැවැත්වීම්, උත්තර පත්‍ර පරීක්ෂාව, ප්‍රශ්න පත්‍ර සම්පාදනය, ප්‍රශ්න පත්‍ර සම්පාදක මණ්ඩල නම් කිරීම, විභාග සම්බන්ධ රහස්‍යභාවය ආරක්ෂා කිරීම ඇතුළු කටයුතු කිහිපයක් පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක්ද මේ වනවිට ආරම්භ කර ඇත.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments