විමල් කුමාර ද කොස්තා දිවි රඟ මඩල නිමා කරයි
- 2016-11-21 03:16:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ප්‍රවීණ රංගන ශිල්පී විමල් කුමාර ද කොස්තා (20) කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය. 1948 දී කැලණියේ උපන් ඔහු මිය යන විට ඔහු 68 වැනි වියේ පසුවිය. විවිධ අසනීප හේතුවෙන් ඔහු කලක් පීඩා වින්දේය. හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටි ඔහු අද (20) දහවල් මිය ගිය බව පවුලේ ඥාතීහු කියති. බඹරු ඇවිත්, එයා දැන් ලොකු ළමයෙක්, සරුංගලේ, එක්ටැම් ගේ, අහස් ගව්ව, සාගරිකා, මරුවා සමග වාසේ, ජීවිතයෙන් ජීවිතයක්, සතර දිගන්තය, උමයංගනා වැනි සිනමාපට ගණනාවක ඔහු විශිෂ්ට රංගනයක් දැක්වීය. කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදි සිසුවෙක්ද වන කොස්තා හංස දඩයම, ගිගිරි වළලු, විසුල අහස යට, ආටක නාටක වැනි ටෙලි නාට්‍ය රැසකට ද සිය රංගන දායකත්වය ලබාදී ඇත.
ධර්මසේන පතිරාජයන්ගේ සතුරෝ කෙටි චිත්‍රපටය ඔහුගේ පළමු සිනමා රංගනය විය. ඔහු අභිරූපණ රංග කලාවේද විශිෂ්ටයෙක් විය. ඒ.ජේ.සෙල්වදොරේගේ ‘ගොඩෝ එනකං‘ වේදිකා නාට්‍යයෙන් සිය රංගන ජීවිතයට අත්පොත් තැබූ විමල් කුමාර ද කොස්තා පසුව හිතහොඳ අම්මණ්ඩි, නැට්ටුක්කාරී, කොරා සහ අන්ධයා, මළකෝළං, දුන්න දුනුගමුවේ වැනි වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක විය.
(අකිල බද්දෙවිතාන)
Reply To:
Name - Reply Comment
0 Comments