විශ්ව විද්‍යාල සියල්ලම කෝප් කමිටුව හමුවට
- 2019-01-28 11:36:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා විශ්විද්‍යාල පද්ධතිය සතු විශ්වවිද්‍යාල සියල්ල කෝප් කමිටුව (පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව) හමුවට කැඳවීමටත් විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කෝප් කමිටුව තීරණය කර තිබේ.
ඒ අනුව විශ්වවිද්‍යාල සියල්ල වෙන වෙනම කෝප් කමිටුව ඉදිරියට කැඳවීමටත්, එකිනෙක විශ්වවිද්‍යාලවල පවත්නා ගැටලු පිළිබඳ සාකච්ඡා කර එම ගැටලු හඳුනාගැනීමටත් කෝප් කමිටුව සැලසුම්කර ඇත.
එලෙස විශ්වවිද්‍යාල සියල්ල කැඳවා සාකච්ඡාකිරීමෙන් පසුව සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ උන්නතිය උදෙසා කෝප් කමිටුව හඳුනාගත් ගැටලු සම්බන්ධයෙන් පොදුවේ ගතයුතු ක්‍රියාමාර්ග හා නිර්දේශ ඇතුළත් විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද කෝප් කමිටුව තීරණය කර තිබේ.
ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලය, සබරගමුව විශ්වවිද්‍යාලය, රැහුණු විශ්වවිද්‍යාලය සහ කැලණිය විශ්වවිද්‍යාලය පසුගිය වසරේ කෝප් කමිටුව හමුවට කැඳවා විමර්ශනය කර ඇත. එම තොරතුරුද ඇතුළත්ව අනිකුත් විශ්වවිද්‍යාලද කෝප් කමිටුව හමුවට කැදවීමටත්, විශේෂ වාර්තාවක් ඉදිරිපත්කිරීමටත් නියමිතව ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments