විශේෂ ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක්
- 2016-12-13 09:40:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පවතින වැසි සමය හේතුවෙන් මදුරුවන් බෝවීම වැලැක්වීම සඳහා සමස්ත දිවයිනම ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකය මගින් මෙය ක්‍රියාත්මක වන අතර මෙහිදී මදුරුවන් බෝවන පරිශ්‍ර ඉලක්කර ගනිමින් දැනට සාර්ථකව ක්‍රියාත්මක කෙරෙන ධූමායන කටයුතු තවදුරටත් ශක්තිමත් කෙරෙනු ඇත.
මෙම ඩෙංගු මර්දන වැඩ සටහනට සමගාමීව ලබන 14 වනදා සිට ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුම්වත් කිරීමට ද නියමිතව තිබේ.
2016 වර්ෂයේ ගත වූ මාස 12 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 47834ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ. ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 49.48ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙනි. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේ 29 වන සතිය තුළදීය. මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම්‍ෙ අවශ්‍යතාව මෙම තත්ත්වය මගින් පෙන්නුම් කෙරෙන බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. එමෙන්ම උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් වේ.
Reply To:
Name - Reply Comment
0 Comments