විහාරස්ථාන 12000ක් ප්‍රතිසංස්කරණය කරයි
- 2018-03-13 16:28:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රජයෙන් කිසිඳු මුදලක් ලබා නොගෙන විනාශ වෙමින් පවතින වෙහෙර විහාරස්ථාන දොළොස් දහසක් ප්‍රතිසංස්කරණය සඳහා කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
ඒ අනුව පසුගිය වසරේදී මෙන්ම මේ වසරේදීත් වෙහෙර විහාරස්ථාන 1000ක් සඳහා රුපියල් ලක්ෂ 5 බැගින් ලබාදෙන බවට අමාත්‍යවරයා සඳහන් කළේය.කටුපොත පොල්පිටිය අග්‍රබෝධි පුරාණ රජමහා විහාරයේ සංඝාවාසය සඳහා මුල්ගල තැබීම සඳහා එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව කියා සිටියේය.
සංඝාවාසය ඉදිකිරීම සඳහා අවශ්‍ය අරමුදල් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක ‘සසුනෝදය’ වැඩසටහන යටතේ ලබා දී තිබේ.
මේ වන විට මධ්‍යම සංස්කෘතික අරමුදලේ පරිපාලන සහ මූල්‍ය කටයුතු විධිමත් කිරීමට පියවර ගෙන ඇති බැවින් මෙරට ඓතිහාසික ස්ථාන නැරඹීමට පැමිණෙන විදේශ සංචාරකයන්ට ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලට ලැබෙන ආදායම කැපී පෙනෙන ලෙස වර්ධනය කරගැනීමට හැකි වූ බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
විහාරස්ථාන ප්‍රතිසංස්කරණ සහ සංරක්ෂණය වෙනුවෙන් ප්‍රතිපාදන ලබාදීමේ ‘සසුනෝදය’ වැඩසටහනට අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලට හැකි වූ බවද හෙතෙම පැවසීය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments