වීදි නාම පුවරු සිංහල - දෙමළ - ඉංග්‍රීසි භාෂාවලින් පමණයි
- 2019-05-22 14:52:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලංකාවේ සියලු වීදි නාම පුවරු සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් පමණක් සකස් විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. අභ්‍යන්තර කටයුතු, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධන මහතා වෙත ග්‍රාමාත්‍යවරයා මේ බව දැනුම්දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කරයි. භාෂා තුන හැර වෙනත් කිසිදු භාෂාවකින් වීදි නාම පුවරු නම් නොකළ යුතු බවට අග්‍රමාත්‍යවරයා උපදෙස් දී ඇත. නැගෙනහිර පළාතේ ඇතැම් වීදි අරාබි භාෂාවෙන් නම් කර ඇති බවට පාර්ශ්ව ගණනාවකින් පසුගියදා චෝදනා කර තිබිණි.
Reply To:
Name - Reply Comment
0 Comments