Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පුරා මාස 06 ක කාලයක් කාලයක් තිස්සේ පැවති ශ්‍රී පාද වන්දනා සමය (2018/2019)  වෙසක් පුන් පෝය දිනට පසු දිනයෙන් අවසන් වන බව ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියෝ පැවසූහ.

සිරිත් පරිදි ශ්‍රී පාද වන්දනා සමය අවසන් කිරීම සම්බන්ධව නල්ලතන්නිය, ග්‍රාම නිලධාරි කාර්යාලයේදී ඉකුත් (10දා) වෙනි දින පැවති රාජ්‍ය හා ආරක්ෂක අංශයේ නිලධාරීන් දැනුම්වත් කිරීමේ විශේෂ රැස්වීමේදී ශ්‍රී පාදස්ථානාධිපති නායක හිමියෝ එසේ පැවසූහ.

ශ්‍රිපාදස්ථානයේ වන්දනා සමයේදී තැන්පත් කර තිබූ, සදාතුක කරඩුව, ශ්‍රීසුමන සමන් දෙවියන්ගේ රන් මුවා පිළිමය හා දේවාභරණ නල්ලතන්නිය නල්ලතන්නිය ශ්‍රීපාද ධර්ම මධ්‍යස්ථානය වෙත වැඩම කර එතැන් සිට එක් පෙරහැරක් බගවන්තලාව, බලංගොඩ මාර්ගයෙන්ද අනෙක් පෙරහැර මාවුස්සාකැලේ, ලක්ෂපාන, කලුගල අවිස්සාවේල්ල හරහා පැල්මඬුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරය වෙත වැඩම කිරීම සිදු කරන බවත් උන් වහන්සේ පැවසූහ.

ශ්‍රීපාද උඩමලුවේ සිට රත්නපුර, එරත්න මාර්ගයෙන් වැඩම කරන පෙරහැරද ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරය වෙත වැඩම කිරීම සිදු කෙරේ.

පැල්මඬුල්ල, ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරයට වැඩම කරවන සඳාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව හා දේවාභරණ විහාරයේ ගමන් මාළිගයේ එදින (20) අළුයම දක්වා තැනපත් කර අවාර සමයේ  ඓතිහාසික සමන් දේවාලයේ තැන්පත් කිරීම චාරිත්‍රාණුකූලව සිදු කෙරේ.

මෙවර වන්දනා සමය පරිසර හිතකාමි අයුරින් පැවැත්වූ බවත්,ලක්ෂ සංඛ්‍යාත දෙස් විදෙස් වන්දනාකරුවන්ගේ වන්දනාවට පාත්‍ර වූ බවත් ශ්‍රීපාද නායක හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.