වෙසක් සතිය අදින් ඇරඹේ
- 2018-04-26 12:31:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී සම්බුදු තෙමඟුල සිහි කරමින් පැවැත්වෙන වෙසක් පුණ්‍ය මහෝත්සවය වෙනුවෙන් අද (26 දා) සිට මැයි 02 දා දක්වා "වෙසක් සතිය" ලෙස රජය මගින් ප්‍රකාශයට පත්කර තිබේ.
‘තිරසර පරිසරයක් සඳහා බුදු දහම’, ‘සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා බුදු දහම’, ‘බුදු දහමින් පෝෂිත වූ සිංහල සාහිත්‍ය’, ‘බුදු දහමින් පෝෂිත වූ හෙළ කලාව’, ‘යහපත් වෘත්තීය ජීවිතයක් සඳහා බුදු දහම’, ‘සමාජ සංවර්ධනය- ආර්ථිකය හා බුදු දහම’ යන කරුණු ඉස්මතු කිරීමට මෙවර වෙසක් සතියේ එක එක් දිනයන් යොදා ගෙන ඇත.
ශ්‍රී බු. ව. 2562 රාජ්‍ය වෙසක් මහෝත්සවය ආධ්‍යාත්මක සංවර්ධනයට මුල්තැන දෙමින් අතිපූජ්‍ය මහනායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයේ වැඩමවීමෙන්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ මැති ඇමතිවරුන් හා සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් මෙම මස 28දා කුරුණෑගල - බිංගිරිය දේවගිරි රාජමහා විහාරස්ථානයේදී පැවැත්වේ.
‘චිත්තං දන්තං සුඛාවහං’ (දැමුණු සිත සුව ගෙන දේ) මෙවර වෙසක් තේමාව වන අතර, ‘සංවර්ධනයේ තිරසර අරමුණු සාක්ෂාත් කරනු වස් ගමේ පන්සල ආධ්‍යාත්මික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට පත්කරමින් ප්‍රඥාවන්ත බොදුනුවන්ගෙන් යුතු බෝසත් සමාජයක්’ යන්න එහි අරමුණ වේ.
මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා ප්‍රත්‍යවේක්ෂ ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් 150ක් ද, ජංගම සේවා වැඩසටහන් 6ක්ද, දහම් පාසල් ගුරු පුහුණු වැඩසටහන් 16ක්ද, සෞඛ්‍ය හා බුදු දහම වැඩසටහන් 61ක්ද, ළමා භාවනා වැඩසටහන් 30ක්ද, වෘත්තිකයක් හා බුදු දහම වැඩසටහන් 18ක්ද, සාමණේර ස්වාමීන් වහන්සේ පුහුණු කිරීමේ වැඩසටහන් 20ක්ද, මා පිය දූ දරු සෙනෙහස මුල්කරගත් වැඩසටහන් 37ක්ද සංවිධානය කර ක්‍රියාත්මක කෙරේ.
මීට අමතරව බෞද්ධ කෙටි නාට්‍ය තරගාවලියක්, භක්ති ගීත වැඩසටහන්, බුදු දහමින් පෝෂිත සිංහල සාහිත්‍ය හා හෙළ කලාව ගැන වැඩසටහන්, සාරධර්ම පෙරහර,තිරසර පරිසරයක් සඳහා බුදු හම වැඩසටහන්, සත් කෝරලයේ විහාර වංශය ලිවීම, පැරණි පුස්කොළ පොත් සංරක්ෂණය, විශේෂ ධර්ම දේශනා හා පිණ්ඩපාත පිංකම්,සිල් මාතා පුහුණු වැඩසටහන්, සමාජ සංවර්ධනය හා බුදු දහම වැඩසටහන්ද සිදුකෙරේ.
එමෙන්ම මෙහිදී අඩු ආදායම්ලාභී බෞද්ධ පවුල් නගා සිටුවන අතර, බෞද්ධ සමිතිද ශක්තිමත් කෙරේ. වෙසක් සතියේ පහන් කූඩු ප්‍රදර්ශන, අධ්‍යාපනික, සංස්කෘතික, පුරාවිද්‍යාත්මක ප්‍රදර්ශන මෙන්ම බොදු සිතුවම් හා ඡායාරූප ප්‍රදර්ශන සංවිධාන කර ඇති අතර, ජාතක කතා තේමා කරගත් වයඹ පළාතට අවේණික ජන නාට්‍යද සංවිධාන කර තිබේ. 28දා වෙසක් සමරු මුද්දර නිකුත් කෙරෙන අතර, ධර්ම ශාස්ත්‍රීය පොත් එළි දැක්වීමටද නියමිතය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments