ශබ්ද දූෂණයේ නීති තරකරන්නැයි විද්‍යාඥයින්ගෙන් ඉල්ලීමක්
- 2019-11-25 11:27:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මත්ස්‍යයින්ගේ සිට පක්ෂීන් දක්වා සියලු සත්වයන්ගේ සුරක්ෂිත බව වෙනුවෙන්, ශබ්ද දූෂණය වන ආකාරයේ මිනිස් ක්‍රියාකාරකම් සඳහා නීති පනවන්නැයි විද්‍යාඥයෝ ඉල්ලීමක් කරති.
කිලෝහර්ට්ස් 4ට වැඩි අගයක් ගන්නා ශබ්ද දූෂණ දෛනිකව සිදුවීම බරපතල බව ඔවුහු පෙන්වා දෙති. වාහන තදබදය, ගුවන්යානා සහ නාවික කටයුතු, තෙල් කැණීම් ආදී ශබ්ද දූෂණය සිදුවන අවස්ථා හේතුවෙන් සතුන්ගේ අතිශය සංවේදී සන්නිවේදන ක්රියාකරකම්වලට බාධා සිදුව ඇති බව අධ්‍යයන 100කට ආසන්න ප්‍රමාණයකින් මේවනවිට සොයාගෙන ඇත. මිනිසාගෙන් වන ශබ්ද දූෂණයට පෙර සහ පසු විවිධ ආකාරයේ සතුන්ගේ හැසිරීම්, හෝමෝන ක්‍රියාකාරීත්වය සොයාබැලීමට මෙම අධ්‍යයනය කර තිබිණි.
ශබ්ද දූෂණය මිනිසාගේ සෞඛ්‍යය ඉතාම දුර්වල මට්ටමකට පත්කරන බවද, සතුන් ආහාර සොයාගන්නා, ඔවුන් ජීවත්වන, ඔවුන් සන්නිවේදනය කරගන්නා පරිසරයටද බාධාවක් බව විද්‍යාඥයෝ කියති. "උදාහරණයක් විදියට වවුලන් ගොදුරු සොයාගන්නෙ ඔවුන් පියාඹා යන මාර්ගයට යම් ශබ්දයක් පිටකරලා, එය ගොදුරෙහි වැදී නැවත වවුලා වෙත එන තරංග අනුවයි. ඒ තරංග ගමන්කරන මාර්ගයේ ශබ්ද දූෂණයක් පැවතුණොත්, ඔවුන්ට ගොදුර ගැන දැනෙන තරංගවල කම්පන නොදැනී යනවා. ඉතිං ඔවුන්ට ගොදුරක් අල්ලාගැනීමට නම් බොහෝ ශක්තිය වැයකරගෙන බොහෝ දුර පියඹන්න සිදුවනවා " යැයි මෙම අධ්‍යයනක යෙදුණු අයර්ලන්ත ජාතික, ආචාර්ය හන්ස්ජෝග් මහතා කියයි.
"අපි නිතරම කාලගුණ විපර්යාස, රසායනික ද්‍රවය හේතුවෙන් වන දූෂණය, ප්ලාස්ටික් අවභාවිතය වැනි දෑ ගැන කතාකළත්, නාගරික පරිසරයට පොදු ශබ්ද දූෂණය ගැන කතාකරන්නේ නැහැ. එය මිනිසුන්ට විතරක් නෙමෙයි, වන සතුන්ටත් අහිතකර දෙයක්" යැයිද පැවසීය.
(ද ගාඩියන් ඇසුරිනි)
ඩිල්ෂානි චතුරිකා දාබරේ
Reply To:
Name - Reply Comment
0 Comments