ශ්‍රම බල ඉල්ලුම පිළිබඳ සමීක්ෂණයක්
- 2017-07-06 13:41:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙම සමීක්ෂණය සඳහා ආයතන 3500ක් විධිමත් නියදි තේරීමේ තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුව තෝරාගෙන ඇත. එසේ තෝරාගෙන ඇති ආයතන වෙත ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ විස්තරාත්මක දත්ත රැස්කිරීම සිදු කරනු ඇත.
මෙම සමීක්ෂණයේ දී ශ්‍රම බල ඉල්ලුමට අදාළ වැදගත් ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධව තොරතුරු රැස්කරනු ලබන අතර ඒ යටතේ වැඩිවශයෙන් පුරප්පාඩු පවතින්නේ කවර රැකියාවලද? ඒ සඳහා අවශ්‍ය අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් මොනවාද? එම සුදුසුකම් සපුරාලීමට දැනට පවතින රාජ්‍ය හා පෞද්ගලික අධ්‍යාපන ආයතනවල දායකත්වය කෙබඳුද? අනාගත අපේක්ෂිත බඳවාගැනීම් පිළිබඳ පුරෝකථන, එක් එක් රැකියා කාණ්ඩ යටතේ දැනට පවතින වැටුප් පරිමා ආදිය පිළිබඳ ව තොරතුරු රැස්කිරීමට නියමිතය.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් මෙම තොරතුරු රැස්කරනු ලබන්නේ සංඛ්‍යාලේඛන ආඥා පනතේ විධිවිධානවලට අනුව වන අතර සමීක්ෂණය සඳහා තේරී ඇති ආයතන විසින් ලබාදෙනු ලබන තොරතුරුවල රහස්‍යභාවය මුළුමනින්ම ආරක්ෂා කරනු ලැබේ. එමෙන් ම මෙම තොරතුරු සංඛ්‍යාති පිළිවෙළ කිරීමට පමණක් භාවිත කරනු ලබන අතර කිසිම හේතුවක් නිසාවත් මෙලෙස සපයනු ලබන තොරතුරු වෙනත් කිසිම පුද්ගලයෙකුට හෝ පාර්ශවයකට ලබානොදෙන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
(ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)
Reply To:
Name - Reply Comment
0 Comments