Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජාත්‍යන්තර ශ්‍රවණ දිනය අද (03) යෙදී තිබේ.''ශ්‍රවණය ආයෝජනයකි. ඒ නිසා ශ්‍රවණය රැකගනිමු ''යන්න මෙවර තේමාව වී තිබේ. ලෝක ජනගහනයෙන් මිලියන 360ක් ශ්‍රවණ ඌණතා නිසා ආබාධ තත්ත්වයට පත්ව තිබෙන බව සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙයි. මෙයින් අඩක්ම සංවර්ධනය වෙමින් පවතින රටවල වෙසෙන බව වාර්තා වෙයි.

දැනට ශ්‍රී ලංකාව තුළ රජයේ රෝහල් උපතේ සිටම ශ්‍රවණ ඌණතා පරික්ෂ කිරීමේ පහසුකම් සළසා දී තිබේ. උපතේ ශ්‍රවණාබධ හඳුනාගන්නා දරුවන්ට රජයෙන් නොමිලේ ශ්‍රවණාධාර ලබදීම සිදු කරන අතර කර්ණ ශංඛ බද්ධ සැත්කම සිදු කරන බව කොළඹ ජාතික රෝහලේ උගුර,කණ සහ නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය පවසයි. උපදින සෑම ළඳරුවෙකුගේම ශ්‍රවණය පරීක්ෂ කිරීම සිදු කරන බවත් රජයේ රෝහල් දහයකට අවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට කටයුතු කරන බවද වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය පැවසුවාය.වසරකට උපත් ලක්ෂ හතරකින්  ළඳරුවන් 400ක් පමණ ශ්‍රවණාබාධිතව උපදින බවද වෛද්‍යවරිය පෙන්ව දෙයි. මෙම දරුවන් ඉක්මනින්ම සොයා ප්‍රතිකාර සඳහා යොමු කළ විට භාෂාමය හැකියාව ඇති දරුවකු බිහිකරගත හැකිය.

බිහිරි දරුවකු සමාජයේ ඵලදායි පුරවැසියෙකු කළ යුතුයි.විශේෂයේ තමන්ගේ දරුවගේ ශ්‍රවණය පිළිබඳව කිසියම් වෙනසක් හඳුනාගත හොත් වෛද්‍යවරයකු හමුවීම ඉතාම වැදගත් බවද පෙන්වා දුන් වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය නිරෝගී කණක් පිරිසිදු කිරීමට කිසිවක් භාවිතා නොකළ යුතු බවත් සඳහන් කළාය.

(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.