ශ්‍රීලාංකිකයන්ගේ ආයු අපේක්ෂාව ඉහළට
- 2016-10-21 09:24:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රීලාංකිකයන්ගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇතිබවත්, පුරුෂයන්ට සාපෙක්ෂව ස්ත්‍රීන්ගේ ආයු අපේක්ෂාව වසර 06කින් ඉහළ ගොස් ඇති බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අයි.ආර්. බණ්ඩාර මහත්මිය පැවසුවාය.
බත්තරමුල්ල වෝටස්එජ්හිදී පැවැති මාධ්‍යවේදීන් දැනුවත්කිරීමේ වැඩසටහනකදී ඇය මේබව සඳහන් කළාය. ඒ අනුව කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව වසර 78.6 ක් වන අතර, පුරුෂයන්ගේ ආයු අපේක්ෂාව වසර 72 කි. 2000 – 2002 වර්ෂවලදී සිදුකළ සංගණනයේදී කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව වසර 77.2 ක් වූ අතර, 2011 – 2013 සංගණනයේදී එය 78.6 දක්වා වැඩිවී ඇති බව අනාවරණය කරගෙන ඇත. 2000 – 2002 සංගණනයේදී පුරුෂ ආයු අපේක්ෂාව පිරිමි වසර 68.8 ක් වූ අතර, 2013 වනවිට එය වසර 72 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුවසමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇති අතර, එය යහපත් වර්ධනයක් බවද බණ්ඩාර මහත්මිය පෙන්වාදුන්නාය.
වර්තමානයේදී ඉන්දියානුවන්ගේ ආයු අපේක්ෂාව වසර 68.1 කි.ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත නවතම දර්ශක පිළිබඳ දැනුවත් කිරීමට මෙම වැඩසටහන පැවත්විණි.(WMDJM)
Reply To:
Name - Reply Comment
0 Comments