Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙවර ශ්‍රීපාද වන්දනා සමය (2019/2020) වෙසක් පුන් පෝය දිනයට පසු දින (08) දා සිරිත් පරිදි නිමාවට පත්වේ.

ඉකුත් වසරේ  දෙසැම්බර් මස උඳුවප් පුන් පෝය දිනයෙන් ආරම්භ වූ මෙවර වන්දනා සමය කොවිඩි 19 කොරෝනා රෝග වෛරස්  ව්‍යාප්තවීමේ වසංගත තත්වයත් සමග 2020 මාර්තු මස (20) වෙනි දින සිට වන්දනාව සඳහා පැමිණෙන දෙස් විදෙස් පිරිස ශ්‍රීපාදය බලා ගමන් කිරීම හදිසියේ නැවැත්වීමට පියවර ගනු ලැබුවේ, සෞඛ්‍ය බලධාරීන්ගේ හා ආරක්ෂක අංශයේ උපදෙස් අනුවය.

සෑම වසරකට දෙසැම්බර් මස උඳුවප් යෝය දිනයෙන් ආරම්භ වන වාර්ෂික ශ්‍රීපාද වන්දනා සමය වෙසක් පුන් පෝය දිනයෙන් නිමාවට පත් වන්නේ පුරා මාස 06 ක කාලයක් පැවැත්වීමෙන් අනතුරුවය.

වෙසක් පුන් පෝය දිනට පසු දින (08) දා පෙරවරුවේ යෙදෙන සුභ නැකත් අනුව ශ්‍රීපාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කලපති, සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීපාද පත්මයේදී චාරිත්‍රාණුකූල ආගමික වතාවත් සිදු කරනු ලැබේ. 

ශ්‍රීපාද පත්මයේ පුරා මාස 06 කාලයක් තැන්පත් කර තිබූ සදාතුක කරඬුව, ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ රන් මුවා පිළිමය හා දේවාභරණ වන්දනා සමය අවසන් කර, පෙර වසර වලදී මෙන්ම මෙවරත් නල්ලතන්නිය ශ්‍රීපාද ධර්ම මධ්‍යස්ථානය අසලට විශේෂ රන්සිවි ගෙයක තැන්පත් කර වැඩම කරනු ලබන්නේ, ශ්‍රීපාදස්ථානාධිපති නායක හිමියන්ගේ උපදෙස් හා අනුශාසන මත, ලක්ෂපාන යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් නිලන්ත ගුණවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ,  මාවුස්සාකැලේ යුද හමුදා අනුඛණ්ඩයේ අණදෙන නිලධාරි කැප්ටන් එස්.එම්. ජයම්පති මහතාගේ මෙහෙයවීමෙන්, යුද හමුදා සෙබළුන්ගේ හා නිලධාරීන් 60 ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙනි.

(08) දා දහවල් නල්ලතන්නිය ශ්‍රීපාද ධර්ම මධ්‍යස්ථානය වෙත වැඩම කරනු ලබන සදාතුක කරඬුව, ශ්‍රී සුමන් සමන් දෙවියන්ගේ රන්මුවා පිළිමය ඇතුළු දේවාභරණ විශේෂ රියක තැන්පත් කර පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව පැල්මඬුල්ල, ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරය වෙත වැඩම කිරීම සිදු කරනු ලැබේ.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.