Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ ජීවත්වන නව තල්මසුන් විශේෂයක් සොයාගැනීමට ශ්‍රී ලංකාවේ තල්මසුන් පිළිබඳ පරීක්ෂණ පවත්වනකණ්ඩායමක් සමත්ව තිබේ.

ඔමුරා'ස් (Omura's) නම් තල්මසුන්විශේෂය මෙසේ ශ්‍රීලංකාවට අයත් මුහුදු සීමාවේදී අලුතෙන්ම හඳුනාගෙන ඇති තල්මසුන් විශේෂය වෙයි. ඔවුන් මෑතකාලීනව අවසන් වරට පියවි ඇසට දර්ශනය වී ඇත්තේ 2003 වසරේදී ජපානයේදීය.

ශ්‍රී ලංකාවේ තල්මසුන් පිළිබඳ පරීක්ෂණ පවත්වන ඇමෙරිකාවේ කැලිෆෝනියා සැන්ටා කෘස් විශ්වවිද්‍යාලයේ ආශා ඩි වෝස් මහත්මියගෙන් මේ පිළිබඳ විමසීමේදී ඇය සඳහන් කළේ නව තල්මසුන් විශේෂය ශ්‍රී ලංකාවේදී සොයාගැනීමත් සමග ඔවුන් පිළිබඳ තොරතුරු රැසක් ලෝකයට විවෘත වනු ඇති බවයි.

ඔමුරා නම් තල්මස් වර්ගයට අයත් එක් සත්ත්වයෙකු මෙසේ කැමරාවට හසුකරගැනීමට අදාළ කණ්ඩායම සමත්ව තිබේ. ශ්‍රී ලංකාවේ දකුණු මුහුදේදී මෙම සත්ත්වයා දර්ශනය වී ඇති අතර, ඔවුන් මීටර් 9 සිට 11 දක්වා වන දිග ප්‍රමාණයකින් යුක්ත වෙයි.

මෙම සත්ත්වයා ඊසාන හා දකුණු අත්ලාන්තික් සාගරය, බටහිර පැසිෆික් සාගරය හා ඉන්දීය සාගරයේ ජීවත්වන බවට තොරතුරු වාර්තා වී තිබිණි.

මේ පිළිබඳ අදහස් දැක්වූ ආශා මහත්මිය,

"උතුරු ඉන්දීය සාගරයේ මෙවැනි සත්ත්වයන් නෑ කියලයි අපි මෙච්චර කල් හිතුවේ. ඒ වගේම බටහිර හා නැගෙනහිර ඉන්දියන් සාගරයේ සිටින සත්ත්වයන් වෙනස් කියලයි අපි සිතුවේ. නමුත් මෙයින් අපට පැහැදිලි වුණා මේ සත්ත්වයා උතුරු ඉන්දීය සාගරයේත් පැතිර ඇති බවට. සංරක්ෂණය කරන විට අප මේ සත්ත්වයා පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත්.

අපේ මුහුදේ ගොඩක්ම ඉන්නේ නිල් තල්මසුන්, බ්‍රයිඩීස් තල්මසුන්. අපට මේ තල්මසාගේ ජායාරූප ගොඩක් ගන්න පුළුවන් වුණේ වාසනාවට. ඒ හරහා ඔමුරා තල්මසුන්ට අයත් සුවිශේෂී ලක්ෂණ හඳුනාගන්න පුළුවන් වුණා.

මෙයා අලුත් වර්ගයක්. අපේ මුහුදේ කීදෙනෙක් ඉන්නවද කියලා අපට කියන්න බෑ. මැඩගස්කර්වල මොවුන්ගේ පැතිරීමක් තිබෙනවා. මේ සත්ත්වයාට තර්ජනයක් තිබෙනවා "  යැයි ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

නිරෝෂා ප්‍රියදර්ශනී

128 main

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.