ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් වෙයි
- 2019-07-02 15:48:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පහළ මැදි ආදායම් ලබන රටක සිට ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමට ලෝක බැංකුව කටයුතු කර තිබේ. ඒ ලෝක බැංකුව නිකුත් කළ නවතම ලෝකයේ රටවල් ආදායම අනුව කාණ්ඩ කිරීම යටතේය.
ලෝක බැංකුව විසින් ලෝකයේ රටවල් ප්‍රධාන කාණ්ඩ හතරක් යටතේ ශ්‍රේණි ගත කරයි. ඒ ඉහළ, ඉහළ මැදි ආදායම්, පහළ මැදි ආදායම් හා පහළ ආදායම් ලබන රටවල් ලෙසිනි.
ඒක පුද්ගල දළ ජාතික නිශ්පාදිතය අනුව මෙම ගණනය කිරිම් සිදුකරයි. 2018 වසරේ ජුලි 01 දා ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 3840ක් බවත් 2019 වසරේ ජුලි 01 දා වන විට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4060ක් බවත් ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවේ දැක්වෙයි.
2019/07/01 දා වන විට ඒක පුද්ගල ආදායම ඩොලර් 3996 සිට 12375ක් අතර පසුවන රටවල් ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස ලෝක බැංකුව වර්ගීකරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4060ක් බවට පත්ව ඇති හෙයින් ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස වර්ගකර තිබේ.
ශ්‍රී ලංකාවට අමතරව කොසෝවෝ, ජොර්ජියා යන රටවල් පහළ මැදි ආදායම් ලබන රටවල් වල සිට ඉහළ මැදි ආදායම් ලබන රටවල් දක්වා ඉහළට ගොස් තිබේ. ආජන්ටිනාව ඉහළ ආදායම් ලබන රටක සිට පහළ මැදි ආදායම් ලබන රටක් දක්වා පහළ ගොස් තිබේ. සිම්බාබ්වේ පහළ ආදායම් ලබන රටක සිට පහළ මැදි ආදායම් ලබන රටක් බවට වර්ධනය වී තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments