Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයට එරෙහි සටනේදී ශ්‍රී ලංකාව ද ඇතුළු අග්නිදිග ආසියානු රටවල් දැනට වඩා දැඩි ක්‍රියාමාර්ග ගත යුතු යැයි ද සමාජයක් ලෙස එක්ට එක්ව කටයුතු කළ යුතු යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය ගෝලීයව වේගයෙන් පැතිර යමින් තිබෙන බවත් පොකුරු පිටින් ආසාදිතයන් හමුවෙමින් තිබෙන බවත් නිවේදනයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ අධ්‍යක්ෂ වෛද්‍ය පූනම් කේත්‍රපාල් සිං නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කළාය.

‘‘සමූහයකට වයිරසය සම්ප්‍රේෂණය වන බව තහවුරු වී තිබෙනවා. එය පලදායී සෝදිසියත් වැඩි වැඩියෙන් පරීක්ෂාවීමටත් කරන අනතුරු ඇඟවීමක්. ඒ නිසා දැනට වඩා ක්‍රියාකාරී විය යුතුයි. වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීමට අපි දැනට වඩා දැඩි ක්‍රියාමාර්ග ගන්න ඕනෑ. එම ක්‍රියාමාර්ග ඉක්මනින් ගන්න වුවමනායි. ඒ වගේම සමාජයක් ලෙස සාමූහිකව ක්‍රියාමාර්ග ගත යුතු’’ යැයි ද වෛද්‍ය පූනම් කේත්‍රපාල් සිං සඳහන් කළාය.

ලෝක සෞඛ්‍ය සංවිධානය සලකා බලන අග්නිදිග ආසියානු කලාපයට රටවල් 11ක් අයත් වන අතර ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් ජීවත් වන්නේ මෙම කලාපයේය.

ශ්‍රී ලංකාව, තායිලන්තය, ඉන්දුනීසියාව, ඉන්දියාව, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලනය සහ භූතානය යන රටවලින් මේ වනවිට කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

දැනට වාර්තා වී ඇති සංඛ්‍යාදත්ත බැලීමේදී කොරෝනා වයිරසය ප්‍රජාවකට සම්ප්‍රේෂණය වන පැහැදිලිව පෙනී යන්නේ යැයි ද වෛද්‍ය පූනම් කේත්‍රපාල් සිං කීවාය.

එවැනි තත්ත්වයක් ඇති වුවහොත් සම්ප්‍රේෂණය වීමේ වේගය අඩු කිරීමට පියවර ගත යුතු යැයි ද එවිට වයිරසය පැතිර යෑම ද නවතින බව ඇය පැවැසුවාය.

‘‘අපි කඩිනම් හා දැඩි පියවර ගන්න ඕනෑ. අපි ඉක්මනින් ක්‍රියාත්මක විය යුතුයි. මේ දැන්ම’’ යැයි ද ඇය කීවාය.ආසාදිතයන් හඳුනාගැනීම, පරීක්ෂා කිරීම, ප්‍රතිකාර කිරීම, රෝගීන් හුදෙකලා කිරීම හා ආසාදිතයන් මුණ ගැසුණු අනෙක් පුද්ගලයන් කවුදැයි සොයාබැලීම අඛණ්ඩව කළ යුතු යැයි වෛද්‍ය සිං වැඩිදුරටත් සඳහන් කළාය.
වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා අත් සේදීම, කහින සහ කිවිසුම් යන විටදී මුහුණ ආවරණය කිරීම, එක්රැස් වීමෙන් වැළැක්වීම, නිරන්තරයෙන් අත් සේදීම යනාදී සෞඛ්‍යාරක්ෂිත පුරුදු පිළිපදින්නැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලා සිටියි.

අද (18) වනවිට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 200,000 ඉක්මවා ගිය අතර මරණ ගණන 8,000 ඉක්මවා ගියේය. කොරෝනා වයිරසය ආසාදනය වී සුව වූ සංඛ්‍යාව 81,972ක් ලෙස දැක්විණි.

(හර්ෂණ තුෂාර සිල්වා-ලංකාදීප පුවත්පත)

වැඩිදුර විස්තර දැනගැනීමට පිවිසෙන්න

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.