Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා මුහුදු තීරයේ කොරල්පරවලින් 90%ක් මියගොස් ඇති අතර, ඉතිරි 10%ක  ජීවී කොරල්පර ප්‍රදේශ වහාම අභය භූමි බවට පත්කිරීමේ අවශ්‍යතාවක් උද්ගතව ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී, ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා අවධාරණය කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ එම ඉතිරිව ඇති ජීවී කොරල්පර ප්‍රමාණයද මේ වනවිට දැඩි තර්ජනයකට ලක්වෙමින් පවතින බවයි.

ඒ අනුව ඒවායෙන් ඇතැම් කොරල්පර ඉතා විචිත්‍රවත්ව පෙනුණද සත්‍යය කරුණ නම්, ඒවා විරංජනය වීම හෙවත් කොරල්හි පවතින ඇල්ගී විනාශ වීම සිදුව ඇති බවත්, එය කොරල් මියයෑමේ මූලික අවස්ථාව වන බවත් හෙතෙම පෙන්වා දෙයි.

හික්කඩුව, පොල්හේන, වාකරේ, පරෙවි දූපත, කල්පිටිය බාර් පරය, ශිලාවතුර, අරිප්පු දූපත් ඇතුළු ශ්‍රී ලංකා මුහුදු තීරයේ ඇති කොරල්පර මේ වනවිටද දැඩි තර්ජනයකට පත්ව ඇති බවට සඳහන් කරන ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා, පරිසර දූෂණය හේතුවෙන් උෂ්ණත්වය ඉහළ යෑම, දෙස්විදෙස් සංචාරකයන් හේතුවෙන් සිදුවන හානි, අහිතකර ධීවර පන්න ක්‍රම යනාදී කරුණු ඒ සඳහා දැඩිව බලපා ඇතැයි පෙන්වා දෙයි.

විශේෂයෙන් පරෙවි දූපත දැඩි අවධානයකට ලක්විය යුතු ප්‍රදේශයක් බවට සඳහන් කරන ආචාර්යවරයා, අදාළ ප්‍රදේශ කඩිනමින් පරිසර සංරක්‍ෂණ කලාප බවට පත්කර සංචාරක කටයුතු මනාව පාලනය කළ යුතු බවද පවසා සිටියි.

එසේම කොරල් නැවත වගා කිරීම සිදු කරන්නේ නම්, ඒ සඳහා ක්‍ෂේත්‍රයේ මනා පළපුරුද්ද ලත්, හසල දැනුමක් ඇති ප්‍රවීණයන් විසින් නිසි විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ එය සිදු කළ යුතු බවත්,   නොඑසේ නම්, ඉතිරිව පවතින ජීවී කොරල්පර ප්‍රමාණයටද ඉන් හානි පැමිනෙණු ඇති බවත් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා වැඩිදුරටත් පවසයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.