ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයට 353 දෙනෙකු බඳවා ගැනේ
- 2018-06-18 13:39:57
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ iii ශ්‍රේණියට සීමිත පදනම මත 353 දෙනෙකු බඳවා ගැනීමේ පත්විම් ලිපි ප්‍රදානය කථානායක කරු ජයසූරිය, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් මහතාගේ සහභාගිත්වයෙන් එළැඹෙන 20 වන දින අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ.
2016 වර්ෂයේ පැවැති ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ iii ශ්‍රේණියට සීමිත පදනම මත බඳවා ගැනීම සඳහා පවත්වන ලද තරග විභාගයේ ප්‍රතිඵල අනුව සුදුසුකම් ලද අයදුම්කරුවන් සඳහා පැවැති සම්මුඛ පරීක්ෂණයේ සහ ප්‍රායෝගික පරීක්ෂණයේ ප්‍රතිඵල මත සිංහල මාධ්‍ය 223 දෙනෙකු සහ දෙමළ මාධ්‍ය 130 දෙනෙකු සඳහා මෙහිදී පත්විම් ලිපි ප්‍රදානය කෙරේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments