ශ්‍රී ලංකා තරුණ විද්‍යාඥයින්ගේ සංගමයේ අන්තර් ජාතික සම්මන්ත්‍රණය 16 වැනිදා...
- 2019-10-15 10:56:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා තරුණ විද්‍යාඥයින්ගේ ඇකඩමියේ තුන්වන අන්තර් ජාතික සම්මන්ත්‍රණය “Research for Impact: March of the Sri Lankan Young Scientists” යන තේමාවෙන් ඔක්තෝම්බර් 16 වන දින ටාජ් සමුද්‍රා හෝටලයේ "Grand Crystal Ballroom" උත්සව ශාලාවේදී පැවැත්වීමට කටයුතු කර තිබේ.
කීර්තිමත් සහ ජාත්‍යන්තර ගෞරවයට පාත්‍රවූ දෙස් විදෙස් විද්‍යාඥයින් මෙහිදී ශ්‍රී ලාංකීය තරුණවිද්‍යාඥයින් සමග තම අත්දැකීම් බෙදා හදාගැනීමට සම්මන්ත්‍රණය පැවැත්වීමේ අරමුණයි.
නවීන තාක්ෂණය පිළිබඳ ආතර්සී. ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී, ඉංජිනේරු සනත් පනාවැන්න මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වේ. සම්මාන ප්‍රදාන උත්සවය සඳහා මුණසිංහ සංවර්ධන ආයතනයේ (Munasinghe Inst. of Development - MIND) ආරම්භක සභාපති, එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සඳහා අන්තර් රාජ්‍ය මණ්ඩලයේ උපසභාපති මහාචාර්ය මොහාන් මුණසිංහ මහතායි. කීර්තිමත් විද්‍යාඥයින්, ආර්ථිකවිද්‍යාඥයින්, නව නිපැයුම්කරුවන් මෙම සම්මන්ත්‍රණයට සහභාගීවීමට නියමිතයි.
මෙම අවස්ථාවට ප්‍රධාන වශයෙන් සහභාගීවන්නේ වෘත්තීය ජීවිතයේ මුල් සහ මැදි අවධියේ පසුවන ඉංජිනේරු විද්‍යාව, රසායන විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, භෞතික විද්‍යාව, ජීවවිද්‍යාව, වාස්තුවිද්‍යාව, ගණිතය, සමාජ විද්‍යාව ආදී සියළුම ක්ෂේත්‍රවලට අයත් විද්‍යාඥයින්වේ.
Reply To:
Name - Reply Comment
0 Comments