ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයට වසර 100
- 2017-02-12 17:05:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයට වසර 100ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ උත්සවයක් අද (12දා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැතියේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණ.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසුවේ ශ්‍රී ලාංකිකයන් ලෙස සියලු දෙනා එකමුතු කිරීමට බාලදක්ෂ සංවිධානය, බාලදක්ෂිකා ව්‍යාපාරය වැනි සියලුම සංවිධාන කැපවිය යුතු බවයි.
එමෙන්ම මෙරට සියලුම කාන්තා පාසල් තුළ බාලදක්ෂිකා ව්‍යාපාරය ආරම්භකළ යුතු බවත්, මීළඟ වසර පහ තුළ බාලදක්ෂිකා ව්‍යාපාරය දිවයින තුළ ව්‍යාප්ත කරන ආකාරය පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා බාලදක්ෂිකා කොමසාරිස්වරියට පැවැසීය.
නිරෝෂා ප්‍රියදර්ශනි
Reply To:
Name - Reply Comment
0 Comments