Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඉන්දියාවේ සාරාණාත්හි වැඩ වාසය කරන ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ හා පාකිස්තානයේ තක්ෂිලා නුවර වැඩ වාසය කරන ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ බුද්ධ රශ්මි වෙසක් කළාපයට සමගාමීව අරලිය ගහ මන්දිරයේදී ජනතාවට වන්දනාමාන කිරීමට අවස්ථාව හිමිව  තිබේ.

ඊයේ (29දා) සිට අරලියගහ මන්දිරයේදී සර්වඥධාතූ ප්‍රදර්ශනය කෙරෙති. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාවට මෙම ධාතූන් වහන්සේලා වන්දනාමාන කිරීමට ජනතාවට අවස්ථාව උදාවී ඇති බවත් නැවතත් එවැනි අවස්ථාවක් උදාවේවියැයි නොසිතන බවත්ය.

 “ජෝන් මාර්ෂල්ගේ ප්‍රධානත්වයෙන් පාකිස්ථානයේ තක්ෂිලා නුවර සිදු කළ කැණීම් කටයුතුවලින් සර්වඥ ධාතූන් වහන්සේලා හමු වුණා. එම සර්වඥ ධාතූන් වහන්සේලා පසුව ඉන්දියාවේ කල්කටා සහ දිල්ලි ප්‍රදේශ වෙත ද වැඩම කරවූවා. එම අවස්ථාවේ අනගාරික ධර්මපාල මැතිතුමා විසින් සාරානාත් නුවරට මෙම සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් කොටසක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළා. එවකට ඉන්දියාවේ අග්‍රාණ්ඩුකාරවරයා එම ඉල්ලීමට එකඟ වෙමින් සර්වඥ ධාතූන් වහන්සේලාගේ කොටසක් මහාබෝධී සමාගමට ලබාදුන්නා.

ඉන්පසුව මෙම සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් කොටසක් සාරානාත්හි වරණාසි නගරයෙත් තවත් කොටසක් තක්ෂිලා නගරයේත් තැන්පත් කිරීමට හැකියාව ලැබුණා. සර්වඥ ධාතූන් වහන්සේලාගේ එක් කොටසක් පාකිස්ථානයටත්, තවත් කොටසක් ඉන්දියාවටත් අයිතිව තිබූ නිසා මෙම සර්වඥ ධාතූන් වහන්සේලා මීට පෙර ජනතාවගේ වන්දනා මාන කටයුතු සඳහා එක් තැනක ප්‍රදර්ශනය කර නැහැ. ඉතිහාසයේ ප්‍රථම වතාවට  ශ්‍රී ලංකාවේ බැතිමතුන්ට මෙම ධාතූන් වහන්සේලා එක් වර වැඳපුදා ගැනීමේ අවස්ථාව උදාවී තියෙනවා. මෙය ඉතා දුර්ලභ අවස්ථාවක්. මෙවැනි ඓතිහාසික අවස්ථාවක් නැවතත් බැතිමතුන්ට ලැබේවි යැයි මම සිතන්නේ නැහැ.”

නිරෝෂා ප්‍රියදර්ශනී

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.