Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජාතික මානව හිමිකම් ආයතනයන් පිළිබඳ විශ්ව සන්ධානය (GANHRI) විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව ඒ ශ්‍රේණිය හිමි කොමිෂන් සභාවක් ලෙස ශ්‍රේණිගත  කර තිබෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ සභාපතිනි ආචාර්ය එන්.ඩි. උඩගම මහත්මිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

පැරිස් මූලධර්මයන්ට (1993) අනූකූලව ජාතික මානව හිමිකම් ආයතනය මෙම ගෝලීය සන්ධානයේ පූර්ණ සමාජිකත්වය දැරීමට සුදුසු වන්නේ ද යන්න නිර්ණය කිරීම මෙහි ප්‍රධාන කාර්යයවේ. ජාතික මානකම් ආයතනයන්හි විශ්වසනීයත්වය සහ සාධාරණියකත්වය නිර්ණය කිරීම සඳහා එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලය විසින් මෙම මූලධර්මය ගෝලිය ප්‍රමිතීන් ලෙස පිළීගැනීමට ලක්කර තිබේ.

පැරිස් මූලධර්මයන් යටතේ මූලික අවශ්‍යතාවයක් වන්නේ දේශිය මානව හිමිකම් යාන්ත්‍රණයන් නීතියෙන් පමණක් නොව තම කාර්යභාරය ඉටුකිරීමේ දීද දේශපාලනික ස්වධිනත්වය විදහා දැක්වීමය. සමාජිකයින් තෝරා ගැනීමේ හා පත්කිරීමේ ක්‍රියාවලිය, ධුරයෙන් පහ කිරීමේ ක්‍රියාවලිය සහ එමෙන්ම තමන්ගේ ක්‍රියාකාරකම් වලදි ආයතනික දේශපාලන ස්වාධීනත්වය පෙන්නුම් කරන්නේ ද යන්න මෙහි දි අගැයීමට ලක් කෙරේ.

ආයතනය සමාජයේ ඇති විවිධත්වය පෙන්නුම් කළ යුතු අතර ජාත්‍යන්තරව පිළිගත් මානව හිමිකම් සුරැකීම සඳහා පුළුල් වරමක් එයට හිමි විය යුතු අතරම, එනේම විමර්ශන කටයුතු සඳහා ප්‍රමාණවත් සම්පත් ආයතනය සතු වී ද තිබිය යුතුය.

2018 ජනවාරි මාසයේ ඉදරිපත් කර ඇති දත්ත මගින් පෙන්නුම් කරන්නේ මේ දක්වා ශ්‍රේණිගත කිරීම් සඳහා සමාලෝචනයට ලක්කරන ලද මානව හිමිකම් ආයතන 120ක් අතරින් ඒ ශ්‍රේණියට පත්කරනු ලැබ ඇත්තේ ජාතික ආයතන 77ක් පමණකි. ඒ ශ්‍රේණිය හිමි දකුණු ආසියාතික රටවල් වන්නේ  ඉන්දියාව, නේපාලය වේ. ආසියා ශාන්තිකර කලාපය පිළිබඳ සලකා බැලූ විට ඒ ශ්‍රේණියට ඇතුළත් මානව හිමිකම් ආයතන ඇත්තේ රටවල් 15කි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව ලෝකයේ මානව හිමිකම් කවුන්සිලයන් අතරින් A” කාණ්ඩයට ශ්‍රේණි ගතවීම අප රට ශිෂ්ඨ සම්පන්න ගෞරවණීය දේශයක් ලෙස ලෝකයා ඉදිරියේ ඔසවා තැබූ අවස්ථාවක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති, කතානායක කරු ජයසුරිය ජයසූරිය මහතා විසින් සුබ පැතුම් එක්කර තිබේ. ශ්‍රී ලාංකිකයන් යුක්ති ගරුක, සමානාත්මතාවය සහිත නිදහස් සමාජයක පුරවැසියන් පිරිසක්ය යන්න රට තුළත්, ජාත්‍යන්තරය හමුවේත් තහවුරු වීම ජාතියක් ලෙස අප තැබූ විශිෂ්ඨ ඉදිරි පියවරක් බව ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාවේ සභාපතිවරයා පෙන්වා දී ඇත.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.