ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අවුරුදු 70යි
- 2019-10-10 14:35:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නිර්භීතකම, කැපවීම සහ පරාර්ථකාමීත්වයෙන් යුතුව අසමසම වාර්තා රැසක් අත්පත් කරගත්
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අද (01දා) සිය 70 වන යුද්ධ හමුදා දිනය අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
බ්‍රිගේඩියර් ආර්. සින්ක්ලෙයාර් ගේ අණදීම යටතේ පළමු නිත්‍ය බලසේනාව පිහිටුවීමෙන් පසුව 1949 ඔක්තෝබර් 10 වන දින ලංකා හමුදාව ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ආරම්භ කරන ලදී.
දියතලාවේදී යුද්ධ හමුදා විද්‍යාපිඨය පිහිටුවීමත් සමඟ බ්‍රිගේඩියර් ඇන්ටන් මුතුකුමරු ලංකා හමුදාවේ ප්‍රථම ශ්‍රී ලාංකික හමුදාධිපති ලෙස පත්විය.
පසුගිය අවුරුදු 70 ක කාලය තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ප්‍රශංසනීය ස්ථානයකට ගෙන ඒම සඳහා මේ දක්වා යුද්ධ හමුදාධිපතිවරුන් 23 දෙනෙකු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අණදීම් සිදුකර ඇත.
වර්තමානයේ දී, රෙජිමේන්තු 24 කින් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, වඩාත්ම කැපීපෙනෙන ආරක්‍ෂක සැපයුම්කරු ලෙස දිවයින පුරා විසිරී සිටින සියලුම ජනවර්ගයන්ගේ ගෞරවනීය ප්‍රසංශාවට ලක්ව ඇත.
ආරක්‍ෂක තර්ජන, ජාතික ව්‍යසනයන්, ආපදා සහ හදිසි අවස්ථාවලදී අසමසම සේවාවන් සිදුකරනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ජාතික ආරක්‍ෂක අවශ්‍යතා, ජාතිය ගොඩනැගීමේ කාර්යභාර්ය, එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සඳහා භටපිරිස් යෙදවීම, මානුෂීය ව්‍යාපෘති සිදුකිරීම, බිම්බෝම්බ ඉවත් කිරීම, නිවාස ඉදිකිරීම්, වන සංරක්‍ෂණය, ගංගා සහ වැව් පිරිසිදු කිරීම ආදිය අඛණ්ඩව සිදුකරනු ලබයි.
යුද්ධ හමුදාවේ 23 වන යුද්ධ හමුදාධිපති වශයෙන් මේ වන විට ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කටයුතු කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments