ශාන්ත පීතර විද්‍යාලයේ දිල්ෂාන්ට ඔලිම්පියාඩ් ලෝකඩ පදක්කමක්
- 2017-08-16 13:49:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ දිල්ෂාන් වීරසිංහ සිසුවා අන්තර්ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඞ් තරගාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත්විය. අන්තර්ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඞ් තරගාවලිය 2017 එක්සත් රාජධානියේ වාර්වික් විශ්වවිද්‍යාලයේ දී පැවැත්වුණු අතර ඊට රටවල් 61ක් නියෝජනය කරමින් සිසුහූ සහ ජූරි සභිකයෝ 250ක් සහභාගී වූහ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මාතර රාහුල විද්‍යාලයේ නිසල් පුන්සර, කොළඹ දේවිබාලිකා විද්‍යාලයේ අනගි කොට්ටහච්චි, මහනුවර මහාමායා විද්‍යාලයේ සචිනි මයන්කා හෙට්ටආරච්චි යන සිසු සිසුවියන් සහභාගී වූහ. කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එම්.එජේ.එස් විජයරත්න සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හිරාන් අමරසේකර සහ නිස්සංක ද සිල්වා යන මහත්වරු ජූරි සභිකයෝ ලෙස අන්තර්ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඞ් තරගාවලියට සහභාගී වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments