ශිල්ප සේනා ප්‍රදර්ශනය ජූලි මස 18 - 21 දක්වා
- 2019-07-12 14:28:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අප රටේ සාමාන්‍ය පොදු ජනතාවට එතරම් සමීප නොවන විෂය ක්ෂේත්‍රයක් වන විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනය සරල සහ සැහැල්ලු ලෙස සමීප කරවීම අරමුණු කරගනිමින් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා තාක්ෂණ විප්ලවය - ශිල්ප සේනා වැඩසටහනේ පළමු ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ඇමති සුජීව සේනසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ජූලි මස 18 වන දින ආරම්භ වී 21 වන දින දක්වා පැවැත්වේ.
ආර්ථික සංවර්ධන කාර්යයේ මූල සාධකය බවට විද්‍යාව, තාක්ෂණය හා නවෝත්පාදනය පත්ව තිබේ. ලෝකයේ නවෝත්පාදන සංවර්ධන දර්ශකය අනුව අප දැනට පසුවෙන්නේ 88 වැනි ස්ථානයේ. ඉදිරි අවුරුදු 4-5 කාලය තුළ 60 වැනි ස්ථානයකට පැමිණීමේ ඉලක්කය ජය ගැනීම සඳහා විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ හා නවෝත්පාදන දිරිගැන්වීම ඉහළ අගයකින් සිදුකළ යුතුවේ. ඒ සඳහා පර්යේෂණ ආයතන, විශ්වවිද්‍යාල, විද්‍යාඥයින්, තාක්ෂණවේදීන්, පර්යේෂකයින් එක් මාර්ගයකට අනුගත කර රට තුළ පර්යේෂණ සංස්කෘතියක් ඇතිකිරීම වැදගත් වේ.
මෙම විෂය ක්ෂේත්‍රය සාමාන්‍ය පොදු ජනතාවට වඩාත් සමීප කරවීම සඳහා සිංහල භාෂාව ද යොදා ගනිමින් සරල සහ සැහැල්ලු ක්‍රමවේදයක් යොදා ගැනීම තුළින් ඉහළ ජන සහභාගිත්වයක් සහ අවධානයක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බව අප විශ්වාස කරනවා. ඒ සඳහා අතීතයේ පොදු ජනතාවට වඩා සමීප වූ, ආකර්ශනය දිනාගත් ගම් උදාව, මහපොළ වැනි වැඩසටහන ආදර්ශයට ගනිමින් ශිල්ප සේනා වැඩසටහන නිර්මාණය කරනු ලැබ තිබේ.
සවිමත් දෑතින් පොහොසත් තනන්නට වෙර දරණ ශිල්ප සේනා ප්‍රදර්ශනය මූලික වශයෙන් තාක්ෂණ කලාපය, ව්‍යවසායකත්ව හා රැකියා වෙළෙඳපොළ, නවෝත්පාදන කලාපය සහ අධ්‍යාපන සහ වින්දනාත්මක කලාපය ලෙස කලාප පහකට වෙන් කොට තිබේ.
තාක්ෂණ කලාපය
තාක්ෂණ කලාපය තුළ STEM අධ්‍යාපන ක්‍රමවේදය ඇතුළු ප්‍රධාන තේමාවන් දොළහක් යටතේ නවීන විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ විෂය දැනුම සම්ප්‍රේෂණය කිරීම සිදු කෙරේ. පාසල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන්, පර්යේෂකයින් සහ විෂය ක්ෂේත්‍රය පිළිබඳ නවීන දැනුම ලබාදීම මෙන්ම විෂය ප්‍රචලිත කිරීම මෙම කලාපයෙන් අපේක්ෂා කෙරේ.
නවෝත්පාදන කලාපය
ශිල්ප සේනා ප්‍රදර්ශනයේ නවෝත්පාදන කලාපය තුළ මෙරට නිර්මාණ ශිල්පීන් බිහිකළ කරන නවෝත්පාදනයන් 500 කට අධික ප්‍රමාණයක් ප්‍රදර්ශනය කෙරෙන අතර එම නිර්මාණ වාණිජකරණය කිරීමට අවශ්‍ය වැඩපිළවෙළක් ක්‍රියාත්මක වේ.
නවෝත්පාදනයක් නිර්මාණය කිරීමෙන් අනතුරුව එයට වෙළෙඳ වටිනාකමක් ලබා දෙමින් මුදල් බවට පත් කිරීම රටක සංවර්ධන කාර්යයේ දී ඉතා අත්‍යවශ්‍ය වේ. මෙරට බොහෝ නව නිර්මාණ ශිල්පීන් විසින් නවෝත්පාදනයන් සිදු කළ ද එය පොදු සමාජය අතර ප්‍රචලිත වීමක් බොහෝවිට සිදු නොවේ. එසේම ඒ සඳහා වෙළඳ අගයක් ලබා දීමට අවස්ථාවක් උදා නොවේ. මෙම වාණිජකරණ කාර්යයේ දී පෞද්ගලික අංශයේ දායකත්වය අතිශය වැදගත් වේ. ආර්ථික සංවර්ධනය සඳහා දායකත්වය ලබාගැනීම අරමුණු කරගනිමින් නව නිර්මාණ ශිල්පීන් සහ පෞද්ගලික අංශය යන දෙපාර්ශ්වය අතර සම්බන්ධතාව ගොඩ නැගීම සඳහා ශිල්ප සේනා වැඩසටහන තුළින් සුවිශේෂී අවස්ථාවක් උදාකර දෙනු ලබයි.
ව්‍යවසායකත්ව හා රැකියා වෙළෙඳපොළ
දිරියෙන් නැගී සිටීමට උනන්දුවක් දක්වන ජනතාවට අත්වැලක් සැපයීම වෙනුවෙන් ව්‍යවසායකත්ව හා රැකියා වෙළෙඳපොළ කලාපය නිර්මාණය කර තිබේ. දැනට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තයන්හි නියැලෙන සහ අලුතින් කර්මාන්තයක් ආරම්භ කිරීමට උනන්දුවක් ඇති පුද්ගලයින්ට අභිමානවත් ව්‍යවසායකයෙක් ලෙස ඉස්මතු වන්නට විශේෂ නිෂ්පාදන පැකේජ 1000 ක් හඳුන්වාදීම මෙහි දී සිදුවේ. මීට අමතරව වෙළඳ ප්‍රචාරණය, සේවා සැපයීම, ව්‍යාපාර ලියාපදිංචිය, ණය පහසුකම් ලබාදීම පිළිබඳ දැනුම හා මගපෙන්වීම ලබාදීම සිදුවේ.
එසේම මෙම කලාපය තුළ තරුණ ප්‍රජාව සහ පෞද්ගලික අංශය අතර සාකච්ඡා අවස්ථා, තරුණ ප්‍රජාව වෙනුවෙන් වෘත්තීය පුහුණු අවස්ථා උදාකිරීම සිදුවේ.
නීල හරිත ආර්ථික කලාපය
නීල හරිත ආර්ථික කලාපය, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට උරදෙන රේඛීය අමාත්‍යාංශ හා ආයතන වල සේවාවන් ප්‍රචලිත කරන සහ ජංගම සේවාවන් ලබාදෙන ප්‍රදර්ශන කුටි, ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ ප්‍රදර්ශන කුටි සහ නව බදවාගැනීම් සිදුකිරීමේ අවස්ථා ද ප්‍රදර්ශනයට ඇතුළත් වේ.
අධ්‍යාපන හා විනෝද කලාපය
මෙම කලාපය තුළ වට්ටම් සහිතව පොත් ලබා ගැනීමට විශේෂ පොත් ප්‍රදර්ශන ද ඇතුළත් වෙළෙඳ ප්‍රදර්ශන අවස්ථා, විනෝදජනක ක්‍රියාකාරකම්, දිනපතා සංගීත ප්‍රසංග, විද්‍යා චිත්‍රපට ප්‍රදර්ශනය ආදිය සිදුකෙරේ.
ශ්‍රී ලාංකීය ආර්ථිකයේ නව මං විවර කිරීමේ අරමුණින් නැගී එන තාක්‍ෂණයන්, නව නිපැයුම්කරුවන්,ව්‍යාපාරික ප්‍රජාව, නවෝත්පාදන සහ පෞද්ගලික ව්‍යවසායකත්වය යන අංශයන් එක්තැන් කරන යුගයේ දැවැන්තම අධ්‍යාපනික වෙළඳ ප්‍රදර්ශනයට එක්වන ලෙස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය පොදු ජනතාවට ආරාධනය කර සිටී.
Reply To:
Name - Reply Comment
0 Comments