සංඛ්‍ය හා තොරතුරු තාක්ෂණ විෂයන් හඳුන්වා දීමට මිලියන 13000
- 2016-11-10 18:51:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
17:50 - සිම් කාඩ් මත රු.200/- ක සකරී ම ය කිරීමේ ගාස්තුවක් පනවනු ලැබේ.
17:47 - සියලුම ජංගම දුරකථන කරිලර යාකරුවන් වෙත ඔවුන්ගේ යටිතල පහසුකම්, 3G පහසුකම් සැපයීම සඳහා පරිවර්තනය කිරීමට මාස 6 ක කාලයක් ලබාදෙන අතර එම මාස 6 ක කාලය ඇතුලත 3G පහසුකම් සැපයීමට අපොහොසත් වන සේවා සපයන්නන් මත දිස්තරිපය ක්කයකට රු. මිලියන 100 ක අධිභාරයක් පනවනු ලැබේ. සියලුම නගර සීමා තුළ සේවාවන් 2018 ජුනි 30 වන විට 4G තත්ත්වයට පරිවර්තනය කෙරේ.
17:44 - රථ වාහන වැරදි ස්ථානික දඩ ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා නැවත වර්ගීකරණය කරනු ලබන අතර අවම දඩය රුපියල් 2000ක් දක්වා වැඩි කරයි.
17:28 - අන්තර්ජාල සේවා මත විදුලි සංදේශ ගාස්තුව 25%ක් දක්වා වැඩිකෙරේ
17:26 - නිශ්චල දේපල බැහැර කිරීමේදී උපලබ්ධි වන ලාභ මත 10% ප්‍රාග්ධන ලාභ බද්දක්
17:03 - පැරණි වාහන අපනයනයේ දී බදු සහන
17:02 - ස්වංයක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් මුදල් ගැනීමේ දී අය කරන මුදල රුපියල් 10 දක්වා වැඩි කෙරේ.
17:01 - අයිතම 100ක සෙස් බදු ඉවත්කරනවා
17:00 - විද්‍යුත් මෝටර් රථ හා ට්‍රැක්ටර හැර අනෙකුත් වහන සඳහා කාබන් නව බද්දක්
16:51 - මාතර මහුදු තීරය දියුණු කිරිමට මිලියන 200
16:50 - කුඩා වැව් සඳහා රුපියල් මිලියන 3000ක් වෙන් කරනවා
16:49 - සූර්ය බල ව්‍යාපෘති සඳහා ණය ලබාදීමට රුපියල් මිලියන 1500
16:48 - වස විස නැති රටක් වෙනුවෙන් රුපියල් මිලියන 100
16:47 - නීති රාමුව ආරක්ෂා කිරිම සඳහා සියලු ක්‍රියාමාර්ග ගන්නවා. එහි ප්‍රතිසංස්කරණ සඳහා රුපියල් මිලියන 710
16:44 - ග්‍රාමසේවක ඇතුළු රජයේ නිලධාරින්ගේ සේවා එක්තැනකින් ලබාගැනීම සඳහා සේවා පියස 1000ක් ඉදිකිරිමට රුපියල් මිලියන 1500
16:43 - රජයේ සේවකයන් ලක්ෂ 14ක් සිටියත් පාසල් හා රෝහල්වල සේවක ගැටලුවක් පවතිනවා
16:39 - විදේශීය ශ්‍රමිකයන්ගේ අවම වේතනය 300ක් කරනවා.
16:39 - තරුණයන්ගේ හැකියා වර්ධනය කිරිම සඳහා රුපියල් මිලියන 25ක් වෙන්කරනවා
16:38 - ජනමාධ්‍යවේදීන් සඳහා උපකරණ ලබාගැනීමට 50%ක පෙලී සහනාධාරයක් යටතේ රුපියල් 150000ක ණය ලබාදෙනවා
16:37 - පණ්ඩිත් අමරදේව සංස්කෘතික ආයතනය සඳහා රුපියල් මිලියන 25
16:36 - පිරිවෙන් පහසුකම් වර්ධනයට රුපියල් මිලියන 150ක් වෙන්කනරවා පිරිවෙන්න් අධ්‍යාපනය ලබන්නන් වෙනුවෙන් මාසිකව රුපියල් 2500 ක දීමනාවක්
16:35 - ජාත්‍යන්තර වෙසක් උත්සවයට රුපියල් මිලියන 25
16:33 - ජාතික යොවුන් සේනාංකයට රුපියල් මිලියන 4000ක් වෙන්කරනවා
16:32 - උපාධිධාරීන් සඳහා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට රුපියල් මිලියන 1.5ක් පොලියක් නොමැතිව ලබාදෙනවා මේ සඳහා රුපියල් මිලියන 150ක් වෙන් කෙරෙනවා.
16:31 - සේවක අර්ථ සාධක හා සේවක භාර කාර අරමුදල නියාමනය කිරීමට කටයුතු කරන
16:28 - සමෘධි ලාභීන්ගේ ආදායම් වර්ධනය කරනවා. ඒ අනුව සමෘද්ධි ව්‍යාපාරය ජන ඉසුරු ලෙස නම් කරනවා.
16:26 - මහල් නිවාස මිලදී ගන්නා විදේශිකයන්ට 40% ක ණය
16:24 - අවරුදු 15 ට වඩා රජයේ නිවාසවල පදිංචි කරුවන්ට නිවාස අයිතිය ලබාදීමට කටයුතු කරනු ඇත. මෙය ජනවාරි මස සිට ඇරඹේ මිලියන 2000ක් වෙන් කර ඇත.
16:24 - මැදි ආදායම් ලබන්නන් වෙනුවෙන් රුපියල් මිලියන පහක් වන නිවාස ඒකක හා අඩු ආදායම් ලබන්නන් වෙනුවෙන් රුපියල් මිලියනය නිවාස ඒකක
16:23 - ජාතික ඉතිරිකිරීමේ බැංකුව හා නිවාස බැංකුව එක්ව 7%ක නිවාස ණය ලබාදීම සඳහා රුපියල් කෝටි 37000
16:21 - අඩු හා මැදි ආදායම් ලබන්නන් වෙනුවෙන් නිවාස 500000
16:18 - මුදල් හුවමාරු ආයතන 200ක් ස්ථාපිත කිරීම සඳහා බලපත්ර ලබාදෙනවා
16:17 - මූල්‍ය වත්කම් කළමනාකරණය සඳහා ආයතනයක් ස්ථාපිත කරනවා.
16:16 - පාරිභෝගියන් ආරක්ෂා කිරිම අධිකාරියක් පිහිටුවනවා
16:14 - විදුලිය අවම මිලක් යටතේ ජනතාවට ලබාදීම තහවුරු කරනවා
16:12 - පානිය ජල ව්‍යාපෘති සඳහා මිලියන 300ක්
16:12 - නව අභ්‍යන්තර ගුවන් සේවයක් වෙනුවෙන් රුපියල් මිලියන 50ක්
16:11 - ත්‍රීරෝද රථ හා පාසල් වෑන් නියාමනය කිරීමට ආයතනයක්
16:11 - ආසන 32 පාසල් වෑන් රථ වෙනුවෙන් 75%ක පොලී සහනාධාරයක් වෙනුවෙන් රුපියල් මිලියන 150
16:10 - ත්‍රී රෝද රථ වෙනුවට විද්‍යුත් කාර් දිරිගන්වනවා. ඒ සඳහා වාහන 1000ක් ආනයන කිරීමට 50%ක පොලී සිහනයක්.
16:08 - මධ්‍යම හා රුවන්පුර අධිවේගය මාස කිහිපයකින් ආරම්භ කරනවා.
16:07 - සංචාරක හෝටල් සඳහා අවම කාමර ගාස්තුවක් හදුන්වා දෙනවා.
16:06 - සංචාරකයින් සඳහා ඊ වීසා ක්‍රමයක් හඳුන්වා දේනවා.
16:05 - දකුණු අධිවේගය බදුල්ල දක්වා දිගු කිරිමට සැලසුම්.
16:04 - ඉදි කිරීම් කර්මාන්තයට අදාළව පැවැති සියයට 25ක සෙස් බදු ඉවත් කෙරේ.
16:01 - නැනෝ තාක්ෂණික ආයතනයට රුපියල් මිලියන 250.
15:57 - ශ්‍රී ලංකාව ආසියාවේ සාගර කේන්ද්‍ර ස්ථානයක් කිරීම බලාපොරොත්තුවයි.
15:56 - රජයේ ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා රුපියල් මිලියන 100
15:54 - අපනයන කර්මාන්තපුර 15ක් ආරම්භ කරනවා
15:53 - කොළඹ වෙළද ප්‍රදර්ශනයක් ලබන වසරේදී පැවැත්වීම සඳහා රුපියල් මිලියන 50
15:52 - ශ්‍රී ලංකා නාමය ප්‍රවර්ධනය සඳහා රුපියල් මිලියන 100
15:48 - ශ්‍රී ලංකාවේ ඇගළුම් කර්මාන්ත විදේශ ආයෝජන කිරිම දිරිමත් කරනවා.
15:47 - අධිතාක්ෂණික යන්ත්රෝ පකරණ ව්‍යාපාර සඳහා ආනයනයේදී 75%ක බදු නිදහසක්.
15:46 - ඩොලර් මිලියන 500ට වැඩි ආයෝජන සඳහා විශේෂ දිරිමත් කිරීමේ සැලැස්මක්.
15:45 - සේවකයන් 250ට වැඩි විදේශ ආයෝජන සඳහා වසර 3-5 දක්වා බදු නිදහස් කාලසීමක්.
15:43 - අගය එකතු කරන ව්‍යාපාරිකයන් දිරිගන්නවා.
15:40 - රෙදිපිලි හා අත්කම් කර්මාන්තයට නැවත ජීවය දීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සඳහා යටිතල පහසුකම් හා පුහුණුව ලබාදීමට කටයුතු කරනවාමේ සඳහා රු.මි. 500 වෙන් වෙනවා.
15:37 - සුළු ව්‍යාපාරිකයන් වෙනුවෙන් සහනදායි ණය ලබාදෙනවා.
15:37 - සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ණය ක්‍රමයක් වෙනුවෙන් රුපියල් මිලියන 500
15:31 - ජාතික ව්‍යාපාර පදනමක් ආරම්භ කිරිමට රුපියල් මිලියන 50ක්.
15:30 - ව්‍යාපාර කිරීමේ පහසුකම් වර්ධනය කිරීම සඳහා කටයුතු කරනවා.
15:29 - ලියාපදිංචි නොකළ ඖෂධ හල් පවත්වාගෙන යන්නන් අත්අඩංගවට ගෙන රුපියල් ලක්ෂයක දඩ පනවනවා.
15:28 - ළමා රෝහල් දෙක වෙනුවට කරාපිටිය, අම්පාර හා යාපනයේ ළමා රෝහල් පහසුකම් වර්ධනයට රුපියල් මිලියන 1000.
15:28 - ජාතික විද්‍යුත් පදනමට රුපියල් මිලියන 100ක්
15:26 - රෝහල්වල යටිතල පහසුකම් වර්ධනය සඳහා රුපියල් මිලියන 25000
15:22 - වෘත්තීය අධයාපනයට අදාළ ප්‍රමිති සකස් කිරිමට රුපියල් මිලියන 300.
15:21 - විදේශීය සිසුන් 500ක් සඳහා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය කිරීමට වීසා 500ක් නිකුත් කරනවා.
15:20 - ප්‍රජා විද්‍යාල ආරම්භ කිරීමේ හැකියාව සොයා බැලිමට ආරාධනා කරනවා
15:19 - පෞද්ගලික විශ්ව විද්‍යාල තුළ උපාධි පාඨමාලා හදාරණ සිසුන් 15000ක් සඳහා එක් සිසුවෙකුට රුපියල් ලක්ෂ අටක ණය මුදලක් ලබාදෙනවා
15:17 - තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපන පහසුකම් වර්ධනය කිරීම රජයට පමණක් කළ නොහැකියි. ඒ පෞද්ගලික අංශයද ඉදිරිපත් විය යුතුයි.
15:16 - විශ්ව විද්‍යාල සිසුන්ගේ ක්‍රිඩා කටයුතු සඳහා රුපියල් මිලියන 100ක් වෙන්කරනවා.
15:15 - විශ්ව විද්‍යාල සිසුන් සඳහා ජාත්‍යන්තරව පිළිගත් විශ්ව විද්‍යාල ඉගෙනීම සඳහා රුපියල් මිලියන 500.
15:13 - ජපුර කැලණිය යාපනය පේරාදෙණිය අධ්‍යාපනවේදී උපාධි පාඨමාලා ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.
15:12 - සංඛ්‍යවන හා තොරතුරු තාක්ෂණ විෂයන් හඳුන්වා දීම වෙනුවෙන් රුපියල් මිලියන 13000.
15:11 – 2020 දී විශ්ව විද්‍යාල සිසුන් සංඛ්‍යාව 50000ක් කරනවා.
15:10 - අධ්‍යාපනයට මුදල් අඩු වුණත් ආයෝජන අශ්‍යනම් ඒ වර්ෂයේම මුදල් වෙන්කරනවා.
15:09 - අවුරුදු 5-19 සෑම දරුවෙකුටම රුපියල් ලක්ෂ දෙකක රක්ෂණ ආවරණයක. දෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 2700
15:08 - විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් පහසුකම් වර්ධනය සඳහා කටයුතු කරනවා. ඒ සඳහා රපියල් මිලයන 175
15:07 - උසස්පෙළට හා සාමාන්යම පෙළට නව විශයන් හඳුන්වාදෙනවා
15:06 - උසස්පෙළට හා සාමාන්යම පෙළට නව විශයන් හඳුන්වාදෙනවා.
15:05 - උපෙළ සිසුන් හා ගුරුවරුන් නොමිලේ ටැබ් පරිගනක ලබාදීමට රු 5000 ලබා දීමට කටයුතු කරනවා.මේ සඳහා නොමිලේ වයිෆයි සහ අන්තර්ජාල පහසුකම් ලබාදීමට දුරකථන සමාගම් වෙත ආරාධනා කරනවා.
15:05 - උසස් පෙළ පංතිවල සිසුන් 175000ක් ගුරුවරුන් 28000ට ටැබ් සඳහා රුපියල් මිලියන 5000
15:03 - පාසල් වල යටිතල පහසුකම් වර්ධනයට රුපියල් මිලියන 5000.
15:00 - අධ්යා පනයට මිලියන 90000ක ප්‍රතිපාදන වෙන්කරනවා.
14:59 - භූගත ජලය පරීක්ෂා කිරීම පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 200
14:58 - කුඹුක්කන් ඔය ව්‍යාපෘතිය මොනරාගල දිස්ත්‍රික්කයේ කියාත්මක කරනවා.
14:57 - බහුකාර්ය වාරි ව්‍යාපෘති කඩිනම් අවසන් කරනවා. ඒ සඳහා මිලියන 1000ක් වෙන් කරනවා.
14:55 - මල් පැල තවාන් ආරම්භ කිරීම සඳහා රුපියල් ලක්ෂ 5ක් දක්වා ණය දෙනවා. ඒ සඳහා 50%ක පොලී නිදහසක් දෙනවා.
14:50 - වෙරළාරක්ෂක ධීවර කළාප වර්ධනය කිරීමට මිලියන 1200.
14:49 - අගය එකතු කළ මත්ස්යා අපනයන වර්ධන කිරීම සඳහා කර්මානත් පුුර සඳහා රුපියල් මිලියන 500ක් වෙන්කරනවා.
14:47 - දේශීය කිරි ගොවි කලාප බිහිකිරීමට කටයුතු කරනවා.
14:47 - දියර කිරි සඳහා උසස් කිරි දෙනුන් 15000ක් ආනයනයට බලාපොරොත්තු වෙනවා.
14:46 - සීනි ආයනයේදී සෙස් බද්ද 2%කින් වැඩිකරනවා.
14:45 - පොල් පර්යේෂණ ආයතනයට රුපියල් මිලියන 75ක් වෙන්කරනවා.
14:43 - රබර් කර්මානත්ය නගා සිටුවීමට කටයුතු කරනවා. ඵ් සඳහා රුපියල් මිලියන 900ක් වෙන් කරනවා.
14:40 - තේ කර්මාන්තයේ වර්ධන සඳහා අගය එකතු කළ තේ වර්ග නිශ්පාදනය සඳහා කටයුතු කරනවා
14:39 - ප්‍රධාන එළවළු වර්ග පහක් වගාකිරිම සඳහා රජයේ ඉඩම් අක්කර 20000ක් නිදහස් කරනවා
14:36 - ඵලදායිතාව වර්ධනය කර ගැනිමට නව කෘෂිකාර්මික ක්‍රමවේද යොදාගත යුතුවෙනවා. ඒ සඳහා ගොවිජනතාව දිරිමත් කරනවා. පළතුරු හා එළවළු ණය වෙනුවෙන් 50%ක පොලී සහනාධාරයක්.
14:35 - ආර්ථික වශයෙන් යොදාගෙන නොමැති ඉඩම් කෘෂිකර්මාන්තයට ලබා දෙනවා.
14:34 - ගොවි සමූපාකාර ආරම්භ කරනවා.
14:33 - කෘෂිකාර්මික අංශයේ නිරත මිලියන 2.5 වන කොටසගේ මාසික ආදායම 25000ක් වෙනවා. පෙරදිග ධාන්යාතගාරය මෙවැනි තත්ත්වයට පත්වීම පිළිගැනීමට නොහැක. යැපුම් මට්ටමේ සිය වාණිජ මට්ටමට කෘෂිකර්මාන්තය රැගෙන ආ යුතුයි
14:27 - 2017 අයවැය සකස් කළේ විවිධ පාර්ශ්වයන්ගේ අදහස් ලබාගත්තා. ඉතිහාසයේ ප්ර2ථම වතාවට මහජනතාවගේ අදහස්, විශ්ව විද්‍යාලවල අදහස් ලබගත්තා
14:23 - ‘මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා මූල්‍ය ප්‍රවේශයට පහසුවෙන් ළගාවිය හැකි වාතාවරණයක් ඇති කරනවා. ඉඩම් නිවාස අධ්යා්පනය හා සෞඛ්යඅ වැනි මූලික අවශ්‍යතා සම්පූර්ණ කිරිමට අවධානය යොමුව තිබෙනවා’
14:20 - ‘ ආයෝජන සඳහා වන පරිසරය වැඩි දියුණු කිරීම ඉතාමත් වැදගත්. ව්යාපාර පවත්වාගෙන යාම තහවුරු කිරිම සඳහා ආයෝජන හිතකර පරිසරයක් ඇති කරනවා ’
14:19 - ' ඉහළ ආර්ථික වර්ධනයක් අත්පත්කර ගැනිමට සර්ව ආර්ථික ස්ථාවරත්වයක් වැදගත්. අයවැය හිගය දැරිය හැකි මට්ටමකට අඩුකරනවා. '
14:18 - ' සාගරයේ සම්පත් උපරිම ප්රවයෝජන ගත යුතුයි. සේවා වියුක්ති දර්ශකය අඩුවෙමින් පවතිනවා. වයස්ගත වීම ගැටලුවක් '
14:11 - 'සැමට ප්‍රතිලාභ ලැබෙන වේගවත් ආර්ථික වර්ධනයක්' මෙවර අයවැයේ තේමාව බව මුදල් අමාත්‍යවරයා සඳහන් කළ අතර එම මාර්ගය ඉතා දුෂ්කර ගමණක් බවද ඔහු පැවැසීය.
14:05 - මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අයවැය කතාව ආරම්භ කළේය. දිළිදු බවින් ජනතාව මුදවා ගැනීම සඳහා වැඩපිළිවෙළක් 2017 වසරෙදී ආරම්භ කරන බව අමාත්‍යවරයා පැවැසීය.
Reply To:
Name - Reply Comment
0 Comments