සකුරා මල් බදුල්ලටත්
- 2018-01-04 00:32:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජපන් රටේ සහාය ඇතිව ලෝකයේ ක්‍රියාත්මක කරන දෙවන සකුරා රෝපණ ව්‍යාපෘතිය බදුල්ලේදී ආරම්භ විය. ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය, ජපානයේ MAIJO (මේජෝ) විශ්ව විද්‍යාලය, ඌව පළාත් සභාවේ සංචාරක අමාත්‍යාංශය හා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව ක්‍රියත්මක කරන සකුරා රෝපණ වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය ඌව ආණ්ඩුකාර එම්.පී ජයසිංහ මහතා විසින් ප්‍රථම සකුරා පැලය රෝපණය කරමින් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාල භූමියේදි නිල වශයෙන් ආරම්භ කරන ලදී . මේ අවස්ථාවට සහභාගිවු ජපානයේ මේජෝ විශ්ව විද්‍යාලයේ විදේශ අධ්‍යාපන පීඨයේ පීඨාධිපති මහාචාර්ය ආනන්ද කුමාර මහතා පැවසුවේ දැනට ශ්‍රී ලංකාවේ නුවරඑළිය හක්ගල මල්වත්තේ පමණක් සකුරා ගස් දෙකක් ඇති නමුත් ඒවායේ මල් හට ගැනීමක් සිදුනොවන බවයි . කෙසේ නමුත් මෙම ව්‍යාපෘතිය අනුව රෝපණය කරන සකුරා ගස්වල මල්හට ගනු ඇතැයි මෙතෙක් කරන ලද පර්යේෂණ අනුව විශ්වාස කරන බවද හෙතෙම අවධාරණය කළේය.
(පාලිත ආරියවංශ- ලංකාදීප)
Reply To:
Name - Reply Comment
0 Comments