සමාජජාල වල යන උපෙළ කාල සටහන අසත්‍යයි
- 2020-05-26 09:59:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින ඇතුළත් කාලසටහනක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා තුළ හුවමාරු වන අතර, එහි කිසිදු සත්‍යතාවක් නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.
උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන නිල නිවේදන පිළිබඳව විශ්වාසය තබා වගකීමෙන් කටයුතු කරන ලෙස පාසල් ප්‍රජාව ප්‍රමුඛ සියලු දෙනා වෙත විභාග කොමසාරිස්වරයා අවධාරණය කරයි.
රට තුළ මතුව ඇති අභියෝගාත්මක තත්ත්වය හමුවේ රටේ සමස්ත අධ්‍යාපනය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත යුත්තේ ඉතා දූරදර්ශීව බවත්, ඇතැම් පාර්ශව විසින් සමාජය නොමඟ යවන සුළු මෙබඳු පුවත් පළ කිරීම ඉතා කනගාටුදායක බවත් පෙන්වා දෙන විභාග කොමසාරිස්වරයා, තැපැල් හා විදුලි සංදේශන කොමිසන් සභාව වෙත අදාළ සාවද්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments