Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නීරීක්ෂණ නෞකා අතරින් විශාලතම නෞකාව වන සයුර නෞකාව,මැලේසියාවේ ලන්කාවි දූපතේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සාගරික හා ගුවන් ප්‍රදර්ශනයට(ලීමා - 2017)  එක්වීම සඳහා ඊයේ (14දා) කොළඹ වරායෙන් පිටත්ව ගොස් තිබේ.

සයුර නෞකාව වෙත නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායම විසින් නාවික චාරිත්‍ර හා සම්ප්‍රදායානුකූලව සමුදීම සනිටුහන් කළ අතර, එම අවස්ථාව සඳහා බටහිර නාවික විධානය භාර ආඥාපතිරියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගි වී සිටියහ. 

මෙම සංචාරයේදී නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කොමදෝරු ප්‍රසන්න අමරදාස මහතා කටයුතු කරනු ලබන අතර, සමස්ත නැව්මුළුව නිලධාරීන් සහ නාවිකයන් 215 දෙනෙකුගෙන් යුක්ත වේ.  

මෙම ප්‍රදර්ශනය සඳහා ලොව විවිධ රටවල් නියෝජනය කරමින් නෞකාවන් 40කට ආසන්න ප්‍රමාණයක් සහභාගි වීමට නියමිතය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රථම වරට මෑතකදී ස්ථාපනය කරන ලද මැරීන් බළකායට අයත් නිලධාරියෙකු සහ නාවිකයින් 23 දෙනෙකුද ‍මෙවර එම ප්‍රදර්ශනය සඳහා සහභාගි වීම විශේෂත්වයකි. 

මාර්තු මස 21 වැනිදා සිට 25 වැනිදා දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට සංස්කෘතික සංදර්ශන, නෞකා දැක්ම, නාවික හා ගුවන් ඒකාබද්ධ අභ්‍යාස ඇතුළු විශේෂ වැඩසටහන් රාශියක් ඇතුළත් වේ.

නිරෝෂා ප්‍රියදර්ශනී

unnamed (1) unnamed (2) unnamed (3)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.