සරසවි පනත සංශෝධනයට
- 2019-07-25 10:11:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනත සංශෝධනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරනු ලැබ තිබේ. මෑතකාලීන සංවර්ධනය සමඟ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වඩාත් ඵලදායී ලෙස නියාමනය කිරීමේ අරමුණෙන් මෙම සංදේශය ඉදිරිපත් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දන්වා ඇත.
විශ්වවිද්‍යාල සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන පිහිටුවීම, නඩත්තු කිරීම සහ පරිපාලනයත් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන පාලනයත් සිදුකරනු ලබන්නේ විශ්ව විද්‍යාල පනත සහ එහි සංශෝධන මඟිනි. ඒ අනුව පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වඩාත් ඵලදායී ලෙස නියාමනය කිරීමේ අරමුණෙන් ශක්තිමත් නෛතික රාමුවක් සැකසීමට මෙම අමාත්‍ය මණ්ඩල සංදේශයෙන් යෝජනා කර ඇත.
අදාළ සංශෝධන සිදුකිරීම සඳහා විශේෂඥ දැනුම සහිත මණ්ඩලයක් විසින් සංකල්ප පත්‍රිකාවක් සකස් කරනු ලැබ තිබේ.
එම සංකල්ප පත්‍රිකාවට අනුව විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීමට නීති සම්පාදනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත නියම කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා සිටින බව එම අමාත්‍ය මණ්ඩල සංදේශයේ වැඩිදුරටත් සඳහන් වේ.
Reply To:
Name - Reply Comment
0 Comments