සරසවි විෂය නිර්දේශ සංශෝධනයට ජනපති අවධානය
- 2020-02-11 14:29:38
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සීග්‍ර ආර්ථික වර්ධනයකට ඉවහල් වන පරිදි අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
දේශීය හා විදේශීය රැකියා වෙළෙඳ පොළට ගැළපෙන අයුරින් විශ්ව විද්‍යාල විෂය නිර්දේශ සංශෝධනයට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපතිවරයා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ උපකුලපතිවරු සමග අද (10දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී උපදෙස් දුන්නේ ය.
උසස් බුද්ධියකින් යුත් නවීන තාක්ෂණය සමග පෙරට යා හැකි ශ්‍රම බලකායක් රටේ සිටින බවත් සරල ක්‍රම තුළින් රැකියා වෙළෙඳ පොළට ගැළපෙන අයුරින් ඔවුන් හැඩ ගැස්වීමේ හැකියාව ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මාන්ත හා වැවිලි සහ තාක්ෂණය මුල්කරගත් රැකියා උත්පාදනයෙන් රටට වේගවත් ආර්ථික වර්ධනයක් ලඟාකරගත හැකි බවත් වෛද්‍ය, ඉංජිනේරු, හෙද සහ තොරතුරු තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර රැසක රැකියා විශාල ප්‍රමාණයක් ඇති බවත් ජනපතිවරය පෙන්වා දුන්නේය. ඊට සුදුසු පිරිසක් විශ්ව විද්‍යාල තුළින් බිහි නොවීම බරපතල ගැටලුවක් බවද ජනාධිපතිවරයා පැවැසීය.
මේ සියල්ල සැලකිල්ලට ගනිමින් උසස් පෙළ සමත් වන දරුවන්ට තෘතීයික අධ්‍යාපනය ලබාදිය යුතුය. කලා උපාධි පාඨමාලා සමග තොරතුරු තාක්ෂණය හා අන්තර්ජාතික භාෂාවක් හැදෑරීමට සැලැස්වීමෙන් ඉදිරි තෙවසර තුළ කඩිනම් ප්‍රගතියක් අත්කරගත හැකි බව ද ජනාධිපවරයා පැවසීය.
“පාසලේ සිට උපාධිය දක්වා සෑම දරුවෙකුටම නායකත්වය පිළිබද පරිචයක් සහ අභියෝග ජය ගැනීමේ හැකියාව ලබාදීම වැදගත්. ඒ සඳහා විශ්ව විද්‍යාල පාඨමාලා රැකියා වෙළෙඳ පොළට ගැළපෙන අයුරින් සකස් විය යුතුය. එහිදී දේශපාලන කණ්ඩායම් හෝ සුළු පිරිසකගෙන් එන විරෝධතා සැලකිල්ලට ගත යුතු නැහැ. ජාතිය පාවා දීමට කිසිසේත් ඉඩ දෙන්න බැහැ. රට නිවැරදි මගට ගැනීමට සෘජුව ක්‍රියාත්මක වන්න” ජනාධිපතිවරයා උපකුලපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ඒ සඳහා අවශ්‍ය වුවහොත් ජනමත විමසුමකට හෝ යා යුතු බවත්, එවිට ආණ්ඩු හෝ ඇමතිවරු මාරු වන විට ප්‍රතිපත්ති වෙනස් නොවනු ඇති බවත් පෙන්වා දුන්නේය.
“පාඨමාලා අනුව සිසුන් බඳවා ගැනීමේ අයිතිය විශ්ව විද්‍යාලවලට තිබෙන්න ඕන. නව විශ්ව විද්‍යාල බිහි කිරීම සහ පවතින අඩු පාඩු විසඳීම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කාර්යයක්. නව පාඨාමාලා සදහා සිසුන් යොමු කිරීමේ මාර්ගෝපදේශනයට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව වැනි පරිශ්‍ර යොදා ගන්න අධ්‍යාපන අමාත්‍යාංශයට පිළිවන්”. ජනාධිපතිතුමා පැවසීය.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නීතිවේදී පාඨමාලාව හදාරන සිසුන්ට නීති විද්‍යාලය පනවා ඇති ඇතැම් රෙගුලාසි ඉවත් කරන්නැයි ජනාධිපතිවරයා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
විශ්ව විද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාව විශ්ව විද්‍යාල පරිපාලනයට සීමා නොවී සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියට වගකියන සහ සොයා බලන ආයතනය බවට පත්වීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
	
Reply To:
Name - Reply Comment
0 Comments