සාංචි පුදබිමේ විස්තර පුවරු සිංහල භාෂාවෙනුත්
- 2019-11-29 12:55:17
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දියාවේ සාංචි පුදබිමේ සියලු විස්තර පුවරු සහ නාමපුවරු සිංහල භාෂාවෙන් සවි කිරීමට ඉන්දීය මධ්‍යම රජය කටයුතු කර තිබේ.
ඉන්දියාවේ තිබෙන බෞද්ධ පූජනීය ස්ථානවල නාමපුවරු මේ වනවිට හින්දි සහ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ප්‍රදර්ශනය කර ඇති අතර, ඒවා සිංහල භාෂාවෙන්ද ප්‍රදර්ශනය කරන ප්‍රථම අවස්ථාව මෙය වේ.
ඒ අනුව ඉන්දියාවේ තිබෙන බෞද්ධ පූජනීය ස්ථාන අතරින් එම ස්ථානය පිළිබඳ හැඳින්වීමේ සිංහල භාෂා පුවරු සවි කරන ප්‍රථම ස්ථානය සාංචි පුදබිම් බවට පත් ඇත.
ඉන්දියාවේ සංස්කෘත හා සංචාරක අමාත්‍ය ප්‍රලාඩ් සින් පටෙල් (Prahlad Singh Patel) මහතා පසුගියදා සාංචි පුදබිම කළ සංචාරයකදී මේ පිළිබඳ අවධානය යොමු ව ඇති අතර, සිංහල නාමපුවරු සවි කරන ලෙස ඉන්දීය පුරා පුරාවිද්‍යා බලධාරීන්ට නියෝගය කර ඇත.
සාංචි චේතියගිරි විහාරය සහ සාංචි මහාබෝධි සමාගම මගින් සාංචි පුදබිමේ පවත්වන මහාබෝධි මහෝත්සවයට සමගාමීව මෙම සිංහල නාමපුවරු විවෘත කිරීමද පසුගිය සති අන්තයේදී අමාත්‍ය ප්‍රලාඩ් සින් පටෙල් (Prahlad Singh Patel) මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකර තිබේ.
සාංචි චේතියගිරි විහාරාධිපති, පූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන්ගේ මෙහෙය වීමෙන් සාංචි චේතියගිරි විහාරයේ අග්‍ර ශ්‍රාවක ධාතු ප්‍රදර්ශනය 67 වැනි වරටද පසුගිය සතිඅන්තයේ පැවැත්වුණු අතර, අතිවිශාල ජනකායක් ඒ සඳහා සහභාගි වූහ.
මේ අතර ඉදිරියේදී ඉන්දියාවේ තිබෙන සියලු බෞද්ධ සිද්ධස්ථානවල එම ස්ථාන හැඳින්වීමේ සහ විස්තර ප්‍රකාශිත පුවරු සිංහල භාෂාවෙන් සවි කරන බව ප්‍රලාඩ් සින් පටෙල් මහතා පසුගියදා සාංචි පුදබිමේ පැවැති සාකච්ඡාවකින් අතරතුර ප්‍රකාශ කර ඇත.
	

Reply To:
Name - Reply Comment
0 Comments