Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අසමත් සිසුන් සඳහා නව විෂයන් 26ක් උසස් පෙළ විෂය ධාරාවට ඉදිරි දින කිහිපයක කාලය තුළදී හඳුන්වා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටින්නේ දිවයිනේ සියලු දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි තෝරාගත් පාසල් 45ක් පමණ මුල්කර ගනිමින් එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී මෙම විෂය ධාරාව ක්‍රියාත්මක කිරීමට නියමිත වන බවයි.

ඒ අනුව, හෝටල්, සංචාරක, කෘෂිකාර්මික, තාක්ෂණික ඇතුළු වෘත්තීය ප්‍රමුඛතා අධ්‍යයනය පසුබිම් කරගත් මෙම විෂය ධාරාව 2016 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය අසමත් වූ සිසුන් සඳහා ප්‍රථමයෙන් හඳුන්වාදෙන බවත්,  අවශ්‍ය නම් විභාගය සමත් සිසුන්ට වුවද ඒවා හැදෑරීමට අවස්ථාව ඇති බවත් සඳහන් වේ.

අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අදාළ විෂයන් තුළින් විශ්වවිද්‍යාල උපාධිය දක්වා සිය අධ්‍යයන කටයුතු හැදෑරීමේ  අවස්ථාව සිසුන්ට උදාවනු ඇති බවයි.

නිරෝෂා ප්‍රියදර්ශනී

Ministry_of_Education

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.