සාපෙළ අසමත් සිසුන්ට උසස්පෙළ වරම් හිමිවෙයි
- 2017-09-18 17:27:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ප්‍රධාන අරමුණු හතරක් මුල් කරගනිමින් සාමාන්‍ය පෙළින් අසමත් වන සිසුන්ටඋසස් පෙළ වරම් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවරගෙන තිබේ. වසර 13ක අඛණ්ඩ පාසල් අධ්‍යාපනය ලබාදීමේ අධ්‍යාපන අමාක්‍යාංශය මගින් ක්‍රියාත්මක වැඩසටහන යටතේ නියමු වැඩසටහනක් මේ වසරේ ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව ප්‍රධාන අරමුණු හතරක් මුල්කරගනිමින් සියලු දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීමත්, නිපුණතා සංවර්ධනය කිරීමත් හරහා රටේ පිළිගත් ශ්‍රම බළකායක් නිර්මාණය කිරීම මෙම වැඩපිළිවෙළ හරහා සිදු කරන බවඅධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.
01 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ට එම විභාගයෙන් සමත්/අසමත් බව නොසලකා උසස් පෙළට අලුතින් හඳුන්වා දී ඇති වෘත්තීය විෂය ධාරාව යටතේ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව ලබාදීම.
02 සිසුදරුවන්ට නම්‍යශීලී ඉගෙනුම් අවස්ථා සැලසීම මගින් තමන් කැමති වෘත්තීය විෂයයක් හැදෑරීමට අවස්ථාව ලබාදීම හා වැඩලෝකයට හෝ තෘතීයික/උසස් අධ්‍යාපනයට අවස්ථාව සැලසීම.
03 දේශීය හා විදේශීය රැකියා සඳහා ඉල්ලුමක් පවතින වෘත්තීය විෂයයන් හඳුන්වාදීම සහ ප්‍රාදේශීය වශයෙන් පවතින සම්ප්‍රදායික කර්මාන්ත, කෘෂිකර්මාන්තය හෝ ව්‍යවසායන් ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය නිපුණතා සංවර්ධනය කිරීම මෙන්ම කුසලතා හා හැකියාවන්ගෙන් පිරිපුන් යහපත් වටිනාකම්වලින් යුත් සදාචාර සම්පන්න අනාගත පුරවැසියන් බිහිකිරීම
04 ඔවුන් රටේ සමාජ ආර්ථික හා මානව සංවර්ධනයට දායක කරගැනීම තුළින් වසර 2030 වනවිට අපේක්ෂිත තිරසර සංවර්ධන ඉලක්ක කරා ළඟා වීම.
එම අරමුණු හතර වේ. එළඹෙන ඔක්තෝබර් මාසයේදී දිවයින පුරා පාසල් 42ක් කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩපිළිවෙළෙහි නියාමක ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments