Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතික පත් ලබාගැනීමට  මේ වනතෙක් සිදුකෙරුණේ, විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණ අයදුම්කිරීම් මතයි.

මෙහි දී අයදුම්කරුවන්ට දිවයිනේ කවර ප්‍රදේශයක සිට හෝ විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට සිදුවීම, දිනපතා අයදුම්කරුවන් විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් සහතික පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් වැඩි කාලයක් ගතවීම වැනි ගැටළු මතුව තිබුණි.

මේ තත්වයට පැහැදිලි විසඳුමක් ලබාදෙමින් ඩිජිටල් තාක්ෂණයේ සහාය මේ සඳහා ලබාගැනීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි මේ වනවිට වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබේ.

මෙරට අධ්‍යාපන පද්ධතිය තුළට වෙනසක් එක්කරමින් ඉතිහාසයේ පළමුවරට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතිකපත් නිකුත් කිරීම online ක්‍රමවේදයට සිදුකිරීම ආරම්භ කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව නවීකරණය කිරීම වෙනුවෙන් 2017 ඔක්තෝබර් මස පත් කළ විද්වත් කමිටුවේ විද්‍යාත්මක නිර්දේශ මත ක්‍රියාවට නංවන ලද ප්‍රතිපත්තිමය තීරණයක් අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.

ෙසාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතික පත් ලබාගැනීම වෙනුවෙන් විභාග දෙපාර්තමේන්තුවට පැමිණීම මින් ඉදිරියට අවශ්‍ය නොවන අතර, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අලුතින් යාවත්කාලීන කරන ලද www.donets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ඕනෑම අයදුම්කරුවෙකුට පැය 24ක් වැනි කෙටි කාලයක් තුළ  අදාළ සහතික ඉතා පහසුවෙන් ලබාගත හැකියි.‍

මෙම සහතික බෙදා හැරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව හා තැපැල් දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමක් ද පසුගියදා (11) අත්සන් තැබුණු අතර ඒ අනුව, දිවයිනේ දුර බැහැර ප්‍රදේශයක සිටින අයදුම්කරුවකුට වුවද, විදේශගතව සිටින අයදුම්කරුවකුට වුවද මෙම online ක්‍රමය හරහා පැය 48කට නොඅඩු කාලයක් තුළ‍ සහතිකපත් ලබා ගැනීමේ පහසුකම සැලසී තිබේ.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.