සාමය හා සංහිඳියාව පිළිබඳ අධ්‍යාපන ඒකකයක් අධ්‍යාපන අමාත්‍යාංශය තුළ ස්ථාපිත කෙරෙයි
- 2017-03-24 11:13:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාව තුළ ජාතීන් හා ආගමික කණ්ඩායම් අතර සාමය හා සංහිඳියාව ඇතිකිරීම වෙනුවෙන් පාසල් අධ්‍යාපන පද්ධතිය හරහා විශාල කාර්යභාරයක් සිදු කළ හැකි අතර ඒ වෙනුවෙන් ජාතික මට්ටමින් ක්‍රියාත්මක විය හැකි විශේෂ ඒකකයක් පිහිටුවීම අද (23) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරුණා.
ඒ, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ සභාපතීත්වයෙන් ක්‍රියාත්මක වන ජාතික සමඟිය සහ සංහිඳියා කාර්යාංශයත්, අධ්‍යාපන අමාත්‍යාංශයත් ඒකාබද්ධව මෙම විශේෂ ඒකකය අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්ථාපිත කරනු ලැබුවා. මීට සමගාමීව සාමය හා සංහිඳියාව පිළිබඳ වනwww.peru.lk නව වෙබ් අඩවිය ජනගත කිරීම ද හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
තමා අධ්‍යාපන අමාත්‍යධූරය දැරූ වකවානුවෙහි සාමය සහ සංහිඳියාව සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ ඒකකයක් ක්‍රියාත්මක කරනු ලැබූ බවත්, එය පසුගිය සමයේ අකර්මණ්‍යව පැවති බවත්, නැවතත් මෙම ඒකකය අමාත්‍යාංශය තුළ ස්ථාපිත කරන්නට හැකිවීම අතිශයින් අගය කරන බවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය මෙහිදී සඳහන් කළා. එමෙන් ම, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන පද්ධතිය තුළ සෘජුව තීන්දු තීරණ ගනිමින් කටයුතු කරන ආකාරය ද මෙහිදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ විශේෂ ඇගයීමට ද ලක් වුණා.
ජාතීන් අතර සමගිය හා සාමය ගොඩනැඟීම වෙනුවෙන් ජාතික සමඟිය සහ සංහිඳියා කාර්යාංශයත් සමඟ අඛණ්ඩ සම්බන්ධීකරණයක් ගොඩනඟාගනිමින් අධ්‍යාපන පද්ධතිය හරහා අදාළ ජාතික අරමුණු ඉටු කරගැනීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලබාදෙන දායකත්වය බෙහෙවින් අගය කරන බව ද, විශේෂයෙන් ම දැනට අධ්‍යාපන පද්ධතියෙහි ක්‍රියාවට නැංවෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තමා අගය කරන බව ද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය මෙහි දී වැඩිදුරටත් සඳහන් කළා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්ථාපිත කෙරුණු මෙම සාමය හා සංහිඳියාව පිළිබඳ ඒකකයේ අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස එස් මුරලිදරන් මහතා සහ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස විජිත වෙලගෙදර මහතා ලෙස කටයුතු කරනු ලබන අතර, මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටි ආරච්චි, ජාතික සමඟිය සහ සංහිඳියා කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් එම් එස් ජයසිංහ, මහතා ඇතුළු අමාත්‍යාංශ ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියා.
මේ අතර, අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණි හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය අධ්‍යාපන පද්ධතියට අලුතින් හඳුන්වා දී ඇති නව ආදර්ශ සුහුරු පන්ති කාමර (SMART CLASS ROOM) සහ අමාත්‍යාංශ නිලධාරීන්ගේ දරැදැරියන් වෙනුවෙන් නවීන පහසුකම් සහිතව ස්ථාපනය කර ඇති දිවා සුරැකුම් මධ්‍යස්ථානය නිරීක්ෂණයට ද එක් වුණා.
Reply To:
Name - Reply Comment
0 Comments