සා.පෙළ අදින් අවසන්
- 2018-12-12 11:33:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සාමාන්‍ය පෙළ විභාගය අදින් (12දා) අවසන් වන බවත්,සියලුම සිසුන් විභාගය අවසන් වූ පසු සාමකාමීව නිවෙස් වෙත යායුතු බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.
විභාගය අවසන් වූ පසු විභාගමධ්ය ස්ථානතුළදී හෝ එම පරිශ්‍ර තුළදී කලහකාරී ලෙස හැසිරුණහොත් විභාග පනත යටතේ ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු පවසා සිටියේය.
අද දිනයේදී විභාග මධ්‍යස්ථාන අවට ජංගම පොලිස් මුර සංචාරයේ යෙදීමට පොලීසිය කටයුතු කර තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.
යම් සිද්ධියක් සම්බන්ධයෙන් 0112784208, 0112784537 මගින් පාසල් විභාග සංවිධාන ශාඛාවට හෝ 1911 දුරකථන අංකයෙන් විමසීම් කළ හැකිය.
මීට අමතරව 119 දුරකථන අංකයෙන් හෝ 0112421111 දුරකථන අංකයෙන් විමසිය හැකි බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විභාග මධ්‍යස්ථාන තුළ හෝ පරිශ්‍ර තුළ කලහකාරී ලෙස හෝ පොදු දේපළවලට අලාභහානි සිදුකළහොත් 1968 අංක 25 දරණ විභාග පනත යටතේ නීතිය ක්‍රියාත්මක කළ හැකිය.
Reply To:
Name - Reply Comment
0 Comments