Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන් තවමත් ජාතික හැඳුනුම්පත් ලබාගෙන නොමැති නම්, කඩිනමින් ඊට අදාළ අයදුම්පත් යොමු කරන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙවර ජාතික හැඳුනුම්පත් ලබාදීමට කිසිදු විශේෂ දින වෙන් නොකරන බවත්, ඕනෑම අයෙකුට එක්දින සේවය යටතේ හැඳුනුම්පත් ලබාගත හැකි බවත් එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සඳහන් කළේය.

විභාග අපේක්ෂකයන්ගෙන් 99෴කගේම අයදුම්පත් සකස් කර තිබෙන බවත්, සකස් කළ හැඳුනුම්පත්වලින් තුන්ලක්ෂ අනූ දෙදහසක් මේ වන විට බෙදා හැර තිබෙන බවද ඔහු පවසා සිටියේය.

ලැබී තිබූ අයදුම්පත්වල පැවැති අඩුපාඩු නිසා අඩුපාඩු සම්පූර්ණ කර එවන ලෙසට අයදුම්කරුවන්ට ලිපි මගින් දන්වා තිබෙන බවත්, අදාළ නිවැරදි කිරීම්සිදුකර කඩිනමින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ලැබීමට සැලැස්විය යුතු බවද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සඳහන් කළේය.

හැඳුනුම්පතක් ලබාගත හැකි වයස් සීමාව අවුරුදු 15ක් බවට පත් කර තිබෙන බවත්, මේ නිසා සාමාන්‍ය පෙළ පන්තියට එන තෙක් නොසිට ජාතික හැඳුනුම්පත් ලබාගැනීමේ අවස්ථාව තිබෙන බවද හෙතෙම කියා සිටියේය.(wmdjbm)

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.