සා.පෙළ උත්තර පත්‍ර පරීක්ෂාවේ දෙවැනි අදියර 17දා දක්වා
- 2019-01-10 15:48:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාකිරීමේ දෙවැනි අදියර ලබන 17 වැනිදා දක්වා පැවැත්වේ.උත්තර පත්‍ර පරීක්ෂාව පසුගිය 08වැනිදාආරම්භ කළ බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.
ඇගයීම් කටයුතු සඳහා පාසල් විසි හයක් යොදා ගෙන ඇති බවත්, ඉන් පාසල් පහක් මෙම කාලය තුළ සම්පූර්ණයෙන්ම වසා තැබෙන බවත් ඔහු පවසා සිටියේය.
ඉතිරි පාසල් 21 කොටස් වශයෙන් වසා තැබෙන බවත්, එහෙත් එම පාසල්වල කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බවත් ඒ මහතා සඳහන් කළේය.
මෙම කාලය තුළදී කොළඹ ඉසිපතන විද්‍යාලය, ගාල්ල උස්තුවන් විද්‍යාලය, මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය, කුරුණෑගල සී.ඩබ්.ඩබ්. කන්නන්ගර විද්‍යාලය, මාතර මහානාම විද්‍යාලය වසා තැබෙන බවද හෙතෙම කියා සිටියේය.
උත්තර පත්‍ර පරීක්ෂාවේ දෙවැනි අදියරේදී කොළඹක්ලිෆ්ටන් බාලිකා විද්‍යාලය, කොළඹසී.ඩබ්.ඩබ්. කන්නන්ගර විද්‍යාලය, යක්කල චන්ද්‍ර‘ජෝති විද්‍යාලය, මාතර මහාමායා බාලිකා විද්‍යාලය, කුරුණෑගල ඩී.බී. වෙලගෙදර විද්‍යාලය, කුලියාපිටිය සුරදූත බාලිකා විද්‍යාලය, කෑගල්ල කෑගලු විද්‍යාලය, කටුගස්තොට රාගල විද්‍යාලය, බදුල්ල ඌව මධ්‍යමහා විද්‍යාලය, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය, කල්මුණේ කාමෙල් බාලිකා විද්‍යාලය, කල්මුණේ මල්හරුස් සම්ස් මහා විද්‍යාලය, මඩකලපුව ශාන්ත සිසිලියා බාලිකා විද්‍යාලය, මඩකලපුව හින්දු විද්‍යාලය, ත්‍රිකුණාමලය විග්නේෂ්වරා මහා විද්‍යාලය, වවුනියාව ශෛව ප්‍රකාශ් බාලිකා විද්‍යාලය, යාපනය මධ්‍ය මහා විද්‍යාලය, යාපනය කොකුවිල් හින්දු විද්‍යාලය, යාපනය හින්දු බාලිකා විද්‍යාලය, මීගමුව නිවස්ටඩ් බාලිකා විද්‍යාලය වන පාසල් කොටසක් වසා තැබීමට නියමිතය.
සම්පූර්ණයෙන්ම වසා තැබෙන පාසල් එළඹෙන 14 වැනිදා සාමාන්‍ය පරිදි ආරම්භ කෙරේ.
Reply To:
Name - Reply Comment
0 Comments