Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

විදුහල්පතිවරුන්ට තැපැල් කර යවා තිබෙන සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර වහාම අදාළ ශිෂ්‍යයන්ට ලබාදිය යුතු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය. එසේ නොමැතිව කටයුතු කරන විදුහල්පතිවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත්, සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 03 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්වෙන බවද ඔහු පවසා සිටියේය. මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 656,641ක් පෙනී සිටීමට නියමිත බවත්, එම ප්‍රමාණයෙන් 422,950ක් පාසල් අයදුම්කරුවන් බවත් ඒ මහතා සඳහන් කළේය.

විභාග මධ්‍යස්ථාන 4,661ක පිහිටුවන බවත්, සම්බන්ධීකරණ කටයුතු සඳහා මධ්‍යස්ථාන 541ක් පිහිටුවන බවත් හෙතෙම පවසා සිටියේය.

සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම කටයුතු දෙසැම්බර් 23 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවද විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය. පාසල් අයදුම්කරුවන් ප්‍රවේශ පත්‍ර විදුහල්පතිවරුන්ට හා පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍ර‘වේශ පත්‍ර ඔවුන්ගේ ලිපිනවලට තැපැල් කර යවා තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.(wmdjbm)

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.