සා.පෙළ බරපතල පැමිණිල්ලක් නෑ - විභාග කොමසාරිස්
- 2016-12-19 09:27:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍යපෙළ විභාගයේ මෙතෙක් බරපතළ ගණයේ කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ මස 06 වන දින සිට 17 වන දින දක්වා විභාග මධ්‍යස්ථාන 5669ක් තුළදී සාමාන්‍යපෙළ විභාගය පැවැත්වෙන බවද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ.කේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
සිදුකරන නව ආරක්ෂිත වැඩපිළිවෙළහේතුවෙන් විභාග අක්‍රමිකතා සිදුනොවන තත්ත්වයකට පත්ව තිබෙන බවත්, විභාග වංචා දූෂණ නවතා දැමීම සඳහා විමර්ශන කණ්ඩායම් 1000කට අධික ප්‍රමාණයක් යොදවා සිටින බවද හෙතෙම පවසා සිටියේය.
මීට අමතරව විභාග වංචා දූෂණ පිළිබඳව ජනතාවට පැමිණිලි කිරීම සඳහා දුරකථන අංක ගණනාවක් ප්‍රකාශයට පත්කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.
මේ අනුව විභාග දෙපාර්තමේන්තුවේ 1911, 0112784208, 0112784537, 0113188350, 0113140314 හෝ 0112421111 හෝ 119 දුරකථන අංකයට පැමිණිලි කළ හැකි බවද පවසා සිටියේය.(wmdjbm)
Reply To:
Name - Reply Comment
0 Comments