සා පෙළ සිසුන්ට ගාස්තු රහිත දුරකථන උපකාරක සේවාවක්
- 2020-04-11 22:41:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියනට නිවසේ සිට තම ඉගෙනුම් කටයුතු කරගෙන යාමේදී එක් එක් විෂයයන් සම්බන්ධයෙන් මතුවන ගැටලු විසඳාලීම සඳහා විශේෂ දුරකථන සේවාවක් සැපයීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි ඩයලොග් ආසියාටා සමාගමේ මූලිකත්වයෙන් සහ තැපැල් හා විදුලි සංදේශන කොමිෂන් සභාවේ සහයෝගයෙන්, ශ්‍රී ලංකා මොබිටෙල් සමාගම, එයාර්ටෙල් ආයතනය, හච් ආයතනය, ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකාබෙල් යන දුරකථන සන්නිවේදන ආයතන එක්ව මෙම පියවර ගෙන තිබේ.
දෙමාපියන්ට තමන් සතු ඕනෑම දුරකථන ජාලයකින් 1377 අංකයට ඇමතුමක් ලබා දීමෙන් දරුවන් වෙත මෙම අවස්ථාව සලසා දිය හැකිය. මේ සඳහා දුරකථන ගාස්තු කිසිවක් අය නොකෙරෙන අතර, සිංහල හෝ දෙමළ මාධ්‍යයෙන් අදාල විමසීම් සිදු කළ හැක.
එක් එක් විෂයයන් සම්බන්ධ පළපුරුදු ගුරුවරුන් මේ සඳහා සම්බන්ධ කරගනු ලබන අතර, සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, මව්බස සිංහල හා මව්බස දෙමළ යන විෂයන් සම්බන්ධව මතුවන ඕනෑම ගැටළුවකට මේ යටතේ පිළිතුරු ලබා දීමට කටයුතු යොදා ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments