Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සෑම පාසලකම බෝනොවන රෝග පරීක්ෂණ මධ්‍යස්ථාන ස්ථාපනය කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ 2017 ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් පවත්වන ලද සමස්ත ලංකා පාසල් චිත්‍ර, පෝස්ටර්, නාට්‍ය, කෙටි චිත්‍රපට තරගාවලියේ ජයග්‍රාහකයින්ට ත්‍යාග සහ සහතික පත්‍ර පිරිනැමීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙසින් කොළඹ නෙළුම් පොකුණ රගහලේ දී සහභාගි වෙමිනි.

එහි අරමුණ දරුවන්ගේ රෝග හඳුනා ගැනීම බවත් බෝ නොවන රෝග පාලනය කිරීමට හැකිවීමෙන් නිරෝගී දරු පරපුරක් ඉදිරි අනාගතයේ බිහි කිරීමට හැකියාව ලැබෙන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත පැණිබීම අඩංගු සීනි ග්රැමයකට සත 50 ක බද්දක් අයවැය මගින් යෝජනා කළ බවත් මෙම නිර්දේශ ඉදිරිපත් කළේ පර්යේෂණයක් සිදු කිරීමෙන් අනතුරුව බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

බදු අය කිරීම තුළින් පැණි බීම වර්ගවල මිල ඉහළ ගොස් තිබෙන අතර මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙනයන බවත් පාසල් ආපනශාලා වල අලෙවි කරන ආහාර පිළිබදව අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගත යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙහිදී "දරුවන්ට ලබාදිය යුතු ආහාර පිළිබඳව  චක්‍රලේඛ නිකුත් කර ඇතත්, ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නැහැ. සීනි, මේදය සහ ලුණු ආහාර අඩංගු ආහාර දරුවන්ට ලබාදීමෙන් වැළකිය යුතුයි. දෙමාපියන්ට වඩා දරුවන් යහමග යැවීම හරිම පහසුයි. වැඩිහිටියන් සිටින්නේ විවිධ මතිමතාන්තර වලයි. දරුවන්ගේ සිත නිරවුල්ව තිබෙනවා." ලෙසින් අමාත්‍යවරයා අදහස් දැක්වීය. 

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චමිපිකා වික්‍රමසිංහ මහත්මිය, විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු, පාසල් සිසුන් එක්ව සිටියහ.

නිරෝෂා ප්‍රියදර්ශනී

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.