Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලෝක උරුමයක් වූ සිංහරාජ රක්ෂිතයේ සැරිසරන අලි දෙදෙනා තවදුරටත් එම රක්ෂිතයේම රඳවා තබන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් දුන් බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

යම් හෙයකින් මෙම අලි දෙදෙනා වෙනත් වාසස්ථානයක් කරා යොමු කිරීමට සිදුවන්නේ නම් ඒ පිළිබ`ද විශේෂඥ දැනුමක් ඇති පිරිසක් විසින් සිදුකරන ලද පූර්ණ විද්‍යාත්මක අධ්‍යයනයකින් අනතුරුව පමණක් ඉදිරි පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා පරිසර අමත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක සහ වන සංරක්ෂක අධ්‍යක්ෂ ජනරාල් අනුර සතුරුසිංහ යන මහත්වරුන්ට වෙත උපදෙස් දී ඇත.

ඊයේ (14දා) මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ දී එම නිලධාරින් සමග පැවති හමුවකදී ජනපතිවරයා මෙම උපදෙස් දී ඇත.

මෙරට අලි සම්පත රැක ගැනීම වෙනුවෙන් එම සතුන් ඔවුන්ට අයත් භූමිය තුළම සංරක්ෂණය කිරීමට පියවර ගන්නා ලෙසද ජනපතිවරයා උපදෙස් දී ඇත.

මෙම අලි දෙදෙනාගෙන් ප‍්‍රදේශවාසීන්ට සිදුවන බාධා වළක්වා ගැනීම වෙනුවෙන් ඒ ආශි‍්‍රතව අලි වැට ඉදිකිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ද ජනාධිපතිවරයා අදාළ නිලධාරින්ට උපදෙස් දී තිබේ.

නිරෝෂා ප්‍රියදර්ශනී

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.