Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය විසින් නොමිලේ පවත්වනු ලබන “ සිඟිති තරු” තාරකා විද්‍යා පාඨමාලාවේ 3 වන කණ්ඩායම බඳවා ගැනීම සඳහා අයදුම්පත් බාර ගැනීම මේ වන විට ආරම්භ කර තිබේ. 

2017 සැප්තැම්බර් මස ආරම්භ කෙරෙන මෙම පාඨමාලාවේ කාලය මාස 04කි. 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන දරුවන්ට මේ සඳහා සහභාගී විය හැකි අතර සෑම සෙනසුරාදා දිනකම පෙ.ව.10.00 සිට 12.00 දක්වා පාඨමාලාව පැවැත්වේ.

මේ සඳහා සහභාගී වීමට කැමැත්තක් දක්වන සිසු සිසුවියන් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර කාර්යාලයෙන් හෝ www.planetarium.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගන්නා අයදුම්පත් සම්පුර්ණ කර 2017.08.25 දිනට පෙර කාර්යභාර නිළධාරී, ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය, ස්ටැන්ලි විජේසුන්දර මාවත, කොළඹ 07. ලිපිනයට යොමු කළ යුතුය. ඉඩකඩ සීමිත බැවින් සීමිත සිසුන් පිරිසක් පමණක් බදවා ගන්නා බව අමාත්‍යාශංය නිවේදනය කරයි.

නිරෝෂා ප්‍රියදර්ශනී

stargazing_2468814b

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.